ඉන්ධන පෝලිමක තවත් මරණයක් ….

Date:

ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු ඇදවැටී මියයාමේ පුවතක් අද (28) දිනයේදීත් වාර්තා වී තිබේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ උතුරු කළුතර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී ය.

දකුණු කළුතර, මහහීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයා උදෑසන 07.00ට පමණ භූමිතෙල් ලබාගැනීම සඳහා අදාළ ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇති අතර දහවල් 01.00 ට පමණ එම පෝලිමේ සිටියදීම ඔහු ඇදවැටී ඇත.

ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත්ත ද පසුව අනාවරණය වී ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.

ඔහුගේ දේහය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.

වත්මන් ඉන්ධන අර්බුදය ආරම්භ වූ දිනවල සිට අවස්ථා ගණනාවකදීම මෙසේ ඉන්ධන පෝලිම්වලින් මරණ වාර්තා වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...