ඉහළින්ම සමත් වූ සාෆිගේ දියණියට දිවයිනෙන් සුබපැතුම් ….

Date:

2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉහළිම සමත් වීමට වෛද්‍ය මොහොමඩ් සාෆිගේ දියණිය වන ෂෙයිනාබ් සාෆි සමත් වී තිබේ.

ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇය A සාමාර්ථ තුනක් ලබමින් සමත් වී ඇත්තේ දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමෙන් 12 වන ස්ථානයත් සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමෙන් 357 වැනි ස්ථානයත් ලබමිනි. ඒ අනුව ඇය වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු වූ වෛද්‍ය සාෆිගේ ජීවිතය උඩුයටිකුරු වූයේ ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා දේශපාලන වාසි ලබාගැනීමේ නින්දිත කුමන්ත්‍රණයක මුල් පියවර වශයෙන් පුවත්පතක පළ වූ පුවතක් හේතුවෙනි. “තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳ කරලා, සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ” යනුවෙන් 2019 මැයි 23 වනදා එම පුවත පළකර තිබුණේ දිවයින පුවත්පත විසිනි.

ඉන් එපිටට අතිශය දරුණු නින්දා, අපහාස, තර්ජන මැද වෛද්‍ය සාෆිට එරෙහිව බිහිසුණු මාධ්‍ය සහ දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර මාස ගණනක් සිරගතව සිටින්නට ද ඔහුට සිදුවිය. එයින් ඔහුගේ දරු පවුලට එල්ල වුණු බලපෑම ද අතිශය බිහිසුණු එකක් වූ අතර ඉහත කී ඔහුගේ දියණියට තමන් ඉගෙනගත් පාසලින් පවා ඉවත් වන්නට සිදුවිය. අසත්‍ය චෝදනා උතුරා පිටාර ගලද්දී තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම උදෙසා ධෛර්යවන්තව සටන් වැදුණු වෛද්‍ය සාෆි අවසානයේ සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කෙරුණු අතර යළි සේවයෙහි පිහිටුවනු ලැබිණි.

එදා වෛද්‍ය සාෆිට මේ බොරුවළ කැපූ දිවයින පුවත්පතම අද වෛද්‍ය සාෆිගේ දියණිය උසස් පෙළ විභාගය සමත් වීම පිළිබඳව සුබපතමින් පළකර ඇති පුවත පහතින් දැක්වේ.

එදා, 2019 මැයි 23 දිවයින පුවත්පත පෙරකී නින්දිත පුවත පළකර පැය කිහිපයකින් රටේ බොහෝ ජනමාධ්‍ය කුලප්පු වී ජාතිවාදය අවුස්සද්දී LNW අපි මෙය අමූලික බොරුවක් බව කරුණු සහිතවම හෙළිදරව් කළෙමු. ඉන් ඉදිරියට දිගටම ඒ ජාතිවාදී ප්‍රවාහයේ “වඳ සැත්කම්” බොරුව නිරුවත් කිරීමටත් එහි දේශපාලන කුමන්ත්‍රණය අනාවරණය කිරීමටත් අපි කටයුතු කළෙමු.

එදා එකී ජාතිවාදී ප්‍රවාහයේ බොරු චෝදනාව ඔසවාගෙන පැමිණි කසකරු ලෙස ක්‍රියාකළ දිවයින පුවත්පතේම, එදා ඒ ජාතිවාදී අසත්‍ය චෝදනාව පැටව් ගැස්සූ හේමන්ත රන්දුණුලා, මනෝජ් අබේදීරලා සිටි දිවයින පුවත්පතේම අද මෙවන් පුවතක් පළවීම පිළිබඳව මාධ්‍ය වෘත්තිකයින් වශයෙන් අපි අවංකවම සතුටු වන්නෙමු. මේ පුවත ලියූ මාධ්‍යවේදියාටත් අපි අපේ කෘතවේදීත්වය පළ කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...