මාධ්‍ය වාර්තා අසත්‍යයි.ආනයනික නවතම වාහනවලින් 75%ක් 80%ක් විකිණී අවසන්!

Date:

කොළඹ LNW:මිල ගණන් ඉහළ යාම නිසා ආයනනික වාහන අලෙවිකර ගැනීමට නොහැකි තත්ත්වක් මතුව ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළකර තිබෙන වාර්තාවල සත්‍යතාවක් නොමැති අතර නවතම ආනයනික වාහන සඳහා විශාල ඉල්ලුමක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයන සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

මේ අතර ආනයනික වාහන රටට පැමිණීමේ අඩුවක් නොමැති බවත් මේ වන විටත් නවතම වාහන හය හත්දාහක් රට තුළට ගෙනවිත් තිබෙන බවත් මානගේ මහතා සඳහන් කරයි.

ආර්ථික කඩා වැටීම හමුවේ වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා වසර පහකට පසු නැවත ආනයනය සඳහා ඉඩ ලැබීමෙන් පසු වාහන ඉල්ලුමද එලෙසින්ම වැඩි වී තිබෙන බවයි ඔහු පවසන්නේ.

මේ වන විට දිවයිනට පැමිණි වාහන වලින් 75%ක් 80%ක් විකිණී අවසන් බවද මානගේ මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...