“Michael” බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ප්‍රේක්ෂක ආදරයෙන් ඉදිරියටම! ඇත්ත! පොප් රජු දෙවෙනි වන්නේ කාටද නේද?

පුවතේ Audio පිවිසුම වෙත;

පුවතේ Video පිවිසුම වෙත;

සටහන – පුලී

අප්‍රේල් 28, LNW (කොළඹ): පොප් සංගීතයේ නොමියෙන රජුන් වූ Michael Jackson නැවතත් ලෝකය හමුවේ ජීවමානව වී තිබේ. ඒත් මේ වතාවේ වේදිකාවක් මත නොව, විශාල තිරයක ය. ඔහුගේ චරිතාපදානය ඇතුළත් නව සංගීතමය චිත්‍රපටය ලෝක ව්‍යාප්තව ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගනිමින්, බොක්ස් ඔෆිස් ඉතිහාසය නැවත ලිවීමට සමත් වී තිබේ.

චිත්‍රපටය ප්‍රදර්ශනයට පැමිණි පළමු සති අන්තයේම අතිවිශාල ආදායමක් ලබා ගනිමින්, චරිතාපදාන චිත්‍රපටයක් සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම ආරම්භය සනිටුහන් කර තිබේ. විවේචකයින් සහ රසිකයින් දෙපාර්ශවයෙන්ම ලැබෙන ප්‍රශංසාව මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත.

“King of Pop” ලෙස ලෝකයම හඳුන්වන ජැක්සන්ගේ අමරණීය ගීත, විශ්මිත නර්තන, සහ විචිත්‍ර ජීවිතය සිනමා රූපකයක් ලෙස ඉදිරිපත් කරමින්, මෙම චිත්‍රපටය සංගීතයට සහ කලා ලෝකයට තිබූ ඔහුගේ බලපෑම නැවතත් මතක් කර දෙයි. Thriller, Billie Jean, Beat It වැනි ප්‍රසිද්ධ ගීත නව අයුරින් ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කරමින් මෙම නිර්මාණය සංගීතමය ආශ්වාදයක් ප්‍රේක්ෂකයාට මනාව ලබා දෙයි.

එකළ සංගීත ලෝකය පොප් සංගීතයෙන් මුසපත් කළ මයිකල්ගේ බෑණනුවන් වන ජෆාර් ජැක්සන් Michael චිත්‍රපටයේ ඔහුව නිරූපනය කරමින් සිය රංඟනයෙන් දායක වේ.

එය ඉකුත් බදාදා කරළියට ආ දා පටන් ගෝලීය වශයෙන් ඩොලර් මිලියන 217ක් (පවුම් මිලියන 160ක්) මේ වනවිට උපයාගෙන ඇති බව සඳහන්.

2018 වසරේ දී ඩොලර් මිලියන 124ක් සමඟින් දියත් වූ, ෆ්‍රෙඩී මර්කරි ලෙස Rami Malek රඟපෑ Queen musical Bohemian Rhapsody, මීට පෙර සංගීතමය චරිතාපදානයක් සඳහා බොක්ස් ඔෆිස් වාර්තාව බිඳ හෙළූ චිත්‍රපටයකට හිමිකම් කීය.

නමුත් Michael, 2024 වසරේ තිරඟත වූ ඔපන්හයිමර් විසින් ගන්නා ලද ඩොලර් මිලියන 180 ඉක්මවා ගොස් තිබේ.

සංගීතමය අංග, නාට්‍යමය කතාව, සහ චිත්‍රපට තාක්ෂණය එකට එකතු කරමින්, මෙය ඉදිරියේදී එවැනි නිර්මාණ සඳහා මාර්ග සලසන ප්‍රධාන කෘතියක් ලෙස පිහිටනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...