සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු පවුල් හඳුනා ගැනේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33% කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු පවුල් බව කෝපා කම්ටුවේදී අනාවරණය වී ඇති අතර, ඊට ආසන්න පවුල් ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි වියයුතු පවුල් වුවද එම පවුල් සඳහා සමෘද්ධි ප්‍රතිලාභය හිමිවී නොමැති බවත් එහිදී හෙළිවී තිබේ.

2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වනපරිදි කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හඳුනාගෙන ඇති අතර සංඛ්‍යාත්මකව පවුල් 449,979ක් සමෘද්ධි සහනාධාරය ඉවත් කළ යුතු පවුල් බවත්, මෙම සමෘද්ධිලාභීන් තෝරාගැනීම් සිදු කිරීමේදී අවිධිමත් බවක් නිරීක්ෂණය වන බවද ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පෙන්වාදී ඇත .

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...