Tuesday, May 30, 2023
spot_img

Latest Posts

ෆවුසිගෙන් කරණමක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සඳහා පැමිණි එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා ඊට පක්ෂව ඡන්දය භාවිතා කළේය.

ඒ, පක්ෂයක් වශයෙන් සමගි ජන බලවේගය මෙම ඡන්ද විමසීම වර්ජනය කිරීමට තීරණය කර තිබියදී ය.

2020 මහමැතිවරණයෙන් පරාජයට පත්වූ ෆවුසි මහතාට පාර්ලිමේන්තු වරම් හිමිවූයේ සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව නිසා ය. ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේ පසුගිය පෙබරවාරි 09 වනදා ය.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.