සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 29, කොළඹ (LNW):
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට, පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සහභාගි වූ අතර, මෙවර පොදු පෙරමුණු මැයි රැළිය සාර්ථකම මැයි රැළිය කර ගැනීමට සූදානමින් සිටින අතර, මේ රටට ආදරය කරන ජනතාවගේ, රට වෙනුවෙන් නැගී සිටින ජනතාවගේ බලය පෙන්වීම එකම අරමුණ බව පැවසීය. මේ රටට ආදරය කරන ජනතාව තර්ජනවලින් ගර්ජන වලින් හිංසා පීඩා වලින් නතර කිරීමට නොහැකි බව බවත් එම පණිවිඩය මැයි 01 රටට දීමට බලාපොරොත්තු වෙන බවද කාරියවසම් මහතා කියා සිටියේය.