අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයේ දෙවන හමුව

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 30, කොළඹ (LNW): ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානන ඒ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන දෙවන එක්දින තරගය අද ආරම්භ වීමට නියමිතයි.පළමු තරගය තියුණු තරගයකින් පසුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාව ජය ගැනීම නිසා මේ වන විට තරග පහකින් යුතු එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.


ජාතික කණ්ඩායමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා හඳුනා ගැනීම සඳහා පැවත් වූ පසුගිය තරගාවලිවලදී කැපී පෙණුන තරුණ ක්‍රීඩකයින් ද මේ තරගාවලියට එක් කර තිබෙනවා.එක්දින තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේදී ම,මෑත ඉතිහාසයේ කතාබහට ලක් වුණු තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන පවන් රත්නායක සහ වනුජ සහන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් පළමු තරගය ක්‍රීඩා කළා.
බොහෝ විට අද ද එවැනි තරුණ ක්‍රීඩකයින් අත්හදා බලන්නට ඉඩ තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...