ජනාධිපතිට එරෙහි ඉරාන්ගේ විරෝධය!

කොළඹ LNW:ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීමෙන් විමධ්‍යගත මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ව්‍යාපෘතිවලට ලබා දෙන ක්‍රමවේදයට තමා එකඟ නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනයි.

ඔහු ප්‍රකාශ කළේ විමධ්‍යගත අරමුදල් යනු ජනතා මුදල් බැවින් ඒවා භාවිත කොට මන්ත්‍රීවරුන්ගේ විවිධ ව්‍යාපෘතිවලට සිය නම් යොදා ජනතාව අතරට පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

තමා මුල පටන් විමධ්‍යගත මුදල් මන්ත්‍රීවරුන්ට ලබා දීමේ එම ක්‍රමවේදය අනුමත නොකළ බවත් එම මුදල් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ලබා දෙන්නේ නම් සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දිය යුතු බවත් පවසන මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන්නේ මෙම මුදල් භාවිතයේ දී නිසි සැලසුමක්,පාරදෘශ්‍යභාවයක් සහිත ක්‍රමවේදයක් අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක විය යුතු බවයි.

ජනාධිපතිවරුන් විසින් මීට පෙර අදාළ විමධ්‍යගත මුදල් මන්ත්‍රිවරුන් විශාල ප්‍රමාණයකට ලබාදී තිබුණ ද මෙවර එය තෝරා බේරා සිදුකරන බවක් පෙන්නුම් කරන බවද වික්‍රමරත්න මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...