*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

තනතුරු මට ලොකුත් නෑ, තනතුරුවලට යටවෙලා ජනතා සටන පාවා දෙන්නෙත් නෑ – සජිත් (VIDEO)

අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳව ඇතැමුන් පැතිර වූ නාඩගමේ ඇත්ත අද වන විට හෙළිදරව් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව අච්චාරුවක් බවට පත්වී ඇති බවත්, ඒ අච්චාරුවක් වූ ආණ්ඩුවක අන්තර්වාර ආණ්ඩු කිරීමට හෝ එහි පාර්ශවකරුවන් වීමට සමගි ජන බලවේගය සූදානම් නැතැයි පැවසූ විපක්ෂ නායකවරයා, තමන් මේ නාඩගම පිළිබඳව මුල සිටම දැන සිටි බවද පැවසීය.

විපක්ෂ නායකකම් හෝ ඊට වඩා ලොකු තනතුරු හෝ තමන්ට ආභරණ නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ තනතුරු වලට වහල් වෙමින් ජනතා සටන පාවා නොදෙන බවද පැවසීය. ජනතා විරෝධය සහ ජනතාවගේ ඉල්ලීම වරදාන වලට පාවා දීමේ පුරුද්දක් සමගි ජන බලවේගයට නැති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ අරගලය වන්නේ මේ රටේ ජනතාවට ජයග්‍රහණ අත්පත් කරදීම බව ද පැවසීය.

අද මුදල් වරදාන වරප්‍රසාද ලබා දෙමින් ආණ්ඩු අටවා ගැනිමට ඇතැමුන් කටයුතු කළත් සමගි ජන බලවේගය හෝ සමගි සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකු එවැනි වරදානවලට නොරැවටෙන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” ඊයේ (29) සිවුවෙනි දිනයට දංඕවිට සිට යක්කල බලා පැමිණියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එම පා ගමනට එක්ව සිටියහ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan