මේ මාස හයට ජනතාවට උපරිම සහන දීලා තියෙනවා. අපට ජනතා ප්‍රසාදය එන්න එන්නම වැඩිවෙනවා – ඇමති රත්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදුකර ඇති බවත් මෙතෙක් කලක් අහසේ සිටි දේශපාලනඥයින් බිමට ගෙන ඒමට තමන්ට හැකිවුණු බවත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

“අනිවාර්යයෙන් මේ මැතිවරණය අපි ජයග්‍රහණය කරනවා. ප්‍රාදේශීය පාලනය අපි ඉතාමත්ම වේගවත්ව ක්‍රියාත්මක කරන ඉදිරි වසර කිහියක් බවට පත්වෙනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ හදලා තියෙනවා. මෙතෙක් කාලයක් මේ රටේ දේශපාලනඥයා හිටියෙ නිකම් අහසේ. ජනාධිපති, අගමැති හිටියේ අහසේ. ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු හිටියෙ අහසේ. අහසේ හිටපු අය අහසෙන් බිමට බස්සන්න හැකියාවක් ලැබුණා අපිට. මේවා ඇවිල්ලා අපට ලබාදෙන තනතුරු නෙවෙයි, මේවා ජනතාව ලබාදීපු වගකීම් කියලා වගකීමක් දරන්න පුළුවන් පිරිසක් ඉන්නෙ අපි ගාව. ජනතා ප්‍රසාදය එන්න එන්න වැඩිවෙනවා. අපි මේ රටට ජනතාවට යම්කිසි දෙයක් කරනවා. මේ මාස හයක කාලය තුළ සාමාන්‍යයෙන් බලයට පත්වෙච්ච රජයකට ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ප්‍රමාණයක් ලබාදීලා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරලා රට නිවැරදි මාවතක ගෙනියන ඇත්ත උත්සාහයක නියැළෙන කාලයක් මේ කාලෙ ගත්වෙයි, පැහැදිලිවම කියන්නෙ ඒක තමයි”

රත්න ගමගේ නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 29) පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...