උතුරු පළාතේ ඒකාබද්ධ රාජ්‍ය සේවයට නව පත්වීම් 95ක්

රෂිකා හෙන්නායක අප්‍රේල් 30, කොළඹ LNW :

උතුරු පළාතේ රාජ්‍ය සේවය සඳහා බඳවාගත් ඒකාබද්ධ රාජ්‍ය සේවා තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය (28) දින උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන් මහතා, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

උතුරු පළාත් සභාව යටතේ ඇති විවිධ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිරවීමේ අරමුණින් මෙම පත්වීම් ප්‍රදානය සිදුකර ඇති අතර, තාක්ෂණික නිලධාරී තනතුරු සඳහා පත්වීම් 37ක්, කළමනාකරණ සහකාර තනතුරු සඳහා පත්වීම් 14ක් සහ කාර්යාල කාර්ය සහායක තනතුරු සඳහා පත්වීම් 44ක් ලෙස සමස්තයෙන් 95 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනිණි.

වවුනියාව, මන්නාරම, යාපනය, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් බඳවාගත් මෙම පිරිස පසුගිය වසරේ පැවති තරඟ විභාගයෙන් සමත්වූ අය වන අතර, එම සුදුසුකම් මත රාජ්‍ය සේවය යටතේ පත්වීම් ලබාදී ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරුන් සඳහන් කළේ, උතුරු පළාතේ රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා සුදුසුකම් සහිත නව නිලධාරීන් බඳවා ගැනීම ඉතා වැදගත් බවත්, ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා මෙවැනි බඳවා ගැනීම් තවදුරටත් සිදු කරන බවත්ය.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසු මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...