රෂිකා හෙන්නායක අප්‍රේල් 30 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ආර්සෙනල් සහ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් අතර පැවති චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව තරගයේදී , දෙපිලම දඬුවම් පහරවල් මගින් ගෝල ලබා ගැනීම නිසා තරගය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
කෙසේ වෙතත්, තරගය අවසානයේ ආර්සෙනල් කණ්ඩායමට ලැබීමට තිබූ තීරණාත්මක දඬුවම් පහරක් VAR තාක්ෂණය හරහා අවලංගු කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
ආර්සෙනල් කළමනාකරු මිකෙල් අර්ටේටා මෙම තීරණය පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර, එය නීති විරෝධී බව ඔහු පවසා ඇත.
දෙවන වටයේ තරගය ලන්ඩනයේදී පැවැත්වීමට නියමිත බැවින්, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවමත් කණ්ඩායම් දෙකටම විවෘතව පවතී.



