*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ජාතික ජන බලවේගයේ මැයි දින පණිවිඩය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව මෙවර මැයි දිනය සමරන්නේ, ජාතික වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර තලයේ ද වෙනස්කම් රාශියක් සිදුවෙමින් පවතින මොහොතකය. ජාත්‍යන්තරව පුරා වසර හතලිස් පහක් පමණ ලෝක පරිමාන වශයෙන් ආධිපත්‍ය දැරූ නව ලිබරල් ධනවාදි, සමාජ ආර්ථික වැඩපිළිවෙල, එහි පතුලෙන්ම ඛාදනය වෙමින් පවතී. අනික් පැත්තෙන්, එකී සමාජ ආර්ථික වැඩ පිළිවෙලට අභියෝග කරමින්, නැගී එන ආසියාව කේන්ද්‍රය කරගත්, ගෝලීය දකුණ ශක්තිමත් ලෙස ඉදිරියට පැමිණෙමින් තිබේ.

මේ අතර අප රටේ ප්‍රභූ පාලක පැලැන්තිය, ඔවුන් විසින්ම නිර්මාණය කර ගන්නා ලද ආර්ථික අර්බුදයට විසඳුමක් සොයන මුවාවෙන්, මහ බැකුවේ අධිපති මගින් රට බංකොළොත් බව ප්‍රකාශයට පත්කරවා ගත්තේ ය. එහි අවසාන ප්‍රථිපලය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “ස්ථායිකරණ” වැඩ සටහන සහ ලෝක බැංකුවේ “ව්‍යුහමය සැකසුම්” යටතට දැන් ශ්‍රි ලංකාව පත් කර තිබේ. ඒ අනුව, ජනතාව පීඩාවට පත්කරන හා ජාතිය සතු දේපොල විකුණා දැමීම ඇතුලු මූල්‍ය අරමුදලේ කොන්දේසි මේ වනවිට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. මේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට එරෙහිව මතුවන ජනතාවගේ විරෝධය යටපත් කිරීමට, ප්‍රභූ පාලක පංතිය මේ වනවිට වැඩකරන ජනතාව ප්‍රමුඛ පොදු ජනතාවට එරෙහිව රාජ්‍ය මර්ධනය දියත්කර ඇත.

මේ වනවිට ආණ්ඩුව සමාජ ආරක්ෂණ ක්‍රියාවලියද දුර්වල කරමින් සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි පොදු පහසුකම් කප්පාදු කරමින් ජනතාව දිගින් දිගටම පීඩාවට පත්කරමින් ඇත. වැඩ කරන ස්ත්‍රීන් සහ විශේෂයෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයන්හි වැඩ කරන ජනතාව මත ක්‍රමානුකූලව ජීවන බර පටවමින් සිටී. එබැවින් මෙවර මැයි දිනයේ දී ආණ්ඩුවේ මේ නපුරු ක්‍රියා පටිපාටිය නිසා ආන්තිකරණයට ලක් වුනු සියළු ජන කොටස් ඉන් මුදවා ගැනීම සඳහා සංවිධානය වීමට අදිටන් කර ගත යුතුය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මේ මැයි දිනය සමරන්නේ, හැත්තෑ පස් වසරකට පසු පාලක ප්‍රභූ පංතිය අභිබවා, ජාතියේ නායකත්වය පොදු ජනතාව නියෝජනය කරන ජාතික ජනබලවේගය වටා පෙළගැසෙමින් සිටින මොහොතක ය. මෙයින් සලිත වී සිටින ප්‍රභූ පාලක පැලැන්තිය මැතිවරණ නොපවත්වා, ඊනියා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත මොනවට ප්‍රදර්ශනය කරමින් සිටිති. ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ සටන ද මේ වනවිට වැඩකරන ජනතාව ප්‍රමුඛ පොදුජනතාව වෙත පැවරී තිබේ. සියලු බලවේග ඒකරාශි කරගනිමින්, දුෂිත ප්‍රභූ පාලනය පලවාහැර, ජනතාවගේ පාලනයක් ස්ථාපිත කරගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදයට හිතැති සියලු බලවේගයන්ට බලකෙරී ඇත.

මෙවන් තත්වයන් යටතේ, ප්‍රතිගාමිත්වයට හා ජාතිවාදයට එරෙහිව මෙවරත්, ජාතික ජනබලවේගය, වැඩකරන ජනතාව සමඟ එක්ව ජාත්‍යන්තර මැයි දිනය සැමරීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් අපි අපේ සහෝදරාත්මක සුභ පැතුම් වැඩ කරන ජනතාව වෙත මෙසේ එක් කර සිටිමු.

ජාතික ජන බලවේගය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan