ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවේ දෙවන ජයග්‍රහණය පහසු කර දෙති

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 01 , කොළඹ (LNW):  ඇෆ්ගනිස්තාන ඒ සහ ශ්‍රී ලංකා ඒ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවත් වූ දෙවන එක්දින තරගයේ තීරණයද විසඳුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මතය.එහෙත් එහිදී ශ්‍රී ලංකාව ලද ජය ග්‍රහණය සියුම් එකක් නොවිණි.පළමු තරගයේ කාලගුණික බලපෑම නිසා සියුම් පරාජයක් විඳින්න ඇෆ්ගනිස්තානය දෙවනුව පන්දුවට පහර දීම හේතු වන්නට ඇතැයි සිතා,දෙවන තරගයේ දී ඇෆ්ගන් නායකයා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමේ තීරණයට එබිණ.


එහෙත් අහසේ මෝදු විය හැකි වැහි වළාකුළු සහ වර්ෂාව ගැන සිතමින් ඇෆ්ගනිස්තානය ගත් එම තීරණයට එරෙහිව කඩා වැටුණේ වර්ෂාව නොවේය.ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ඉලක්ක ගත පන්දු ඇෆ්ගන් ‘ඒ’ කඩුලු එක පිට එක කඩා දමන්නට විය.මොහොමඩ් සිරාස් ඒ අතරින් කැපී පෙණින.ඔහු පන්දු ඕවර් 7 ක් යවමින් ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.සහන් ආරච්චිගේ ලකුණු 23 ට සහ චාමික ගුණසේකර ලකුණු 28 ට ත් කඩුලු 2 බැඟීන් දවා ලූ අතර චාමික කරුණාරත්න පන්දු ඕවර් 4 දී ලකුණු 11 ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් ලබා ගන්නට සමත් විය.


පන්දු ඕවර් 27.2 දී ඇෆ්ගන් ඒ කණ්ඩායමේ ඉණිම හමාර වූයේ ලකුණු පූවරුවේ ලකුණු 121 ක් තිබියදී සියල්ලන්ම දෑවී ගොස්ය.ඇෆ්ගන් ඉණිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ක්වයිස් අහමඩ් ලකුණු 46 ක් එක් කළේය.ඔහු ලකුණු 30 ට කඩුලු 6 ක් අහිමිව තිබියදී පැමිණ ෆාමනුල්ලාහ් (37) සමඟ හත්වන කඩුල්ලට ලකුණු 75 ක කඩුලු සබඳතාවයක් පවත්වමින් අවසාන කඩුල්ල ලෙස දැවී ගියේය.


ශ්‍රී ලංකාව වැස්ස අභිබවා යාම සඳහා තරගයේ රැදී සිටියේ වේගවත් පිති හරඹයකින් ජය ලබා ගැනීමේ අපේක්ෂාවෙන්මය.ඒ නිසා පන්දු ඕවර් 15.2 දී කඩුලු 2 ක් දැවී ලකුණු 104 ක් ලබමින් ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජය හිමිවෙද්දී ඇෆ්ගන් ලකුණු පූවරුව අනුව එම ලකුණු ප්‍රමාණය රැස් කරන්නට ශ්‍රී ලංකාවට තව පන්දු 88 ක් හෙවත් පන්දු ඕවර් 14.4 ක් ඉතිරිව ද තිබිණි.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිල් මිෂාර පන්දු 45 දී නොදැවී ලකුණු 45 ක් රැස් කර අතර නුවනිදු ප්‍රනාන්දු අවසාන මොහොතේ දී පන්දු 9 දි නොදැවී ලකුණු 17 ක් එකතු කරන්නට සමත් විය.ලහිරු උදාර (20) සමඟ කමිල් දෙවන කඩුල්ලට ලකුණු 50 ක සබඳතාවයක් එකතු කරන්නට දායක විය.
ලකුණු විස්තරයට පහතින් පිවිසය හැකිය.


https://www.espncricinfo.com/series/afghanistan-a-in-sri-lanka-2024-1431110/sri-lanka-a-vs-afghanistan-a-2nd-unofficial-odi-1431115/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුන් කොන් විස්සයි විස්සේදී දසුන්ට නායකත්වය – පවන් සංචිතයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: සෞඛ්‍යමය ගැටළු මත චරිත්...

පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකුගේ නඩු විභාගයක් ලන්ඩනයේදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 අගෝස්තු මාසයේදී...

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් ඉලක්කම් විතරක් කළ හැකි තරම් ශක්තිමත්

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලබන වසරේ විශාල වෙනස්කම්...

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...