ඉන්ධන මිල අඩුවුණත් බස් හා ත්‍රීරෝද රථ ගාස්තු අඩු නොවන හේතුව මෙන්න! (VIDEO)

කොළඹ LNW:අදට දී තිබෙන කම්කරු දිනයේදී V8 පන්නයේ සහනාධාරයක් ලැබී ඇති නමුත් එමඟින් සාමාන්‍ය පොදු ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ ගාස්තුව අඩු කිරීමේ හැකියාවක් නැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.

රු. 135කින් අඩුකර ගෙන තිබෙන්නේ ධනපතියන් භාවිතා කරන සුපර් ඩීසල් මිල බවයි ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ.

සාමාන්‍ය ඩීසල් මිලද එලෙස අඩු වූයේ නම් බස් රථ ගාස්තු 50%කින් අඩු කළ හැකි නමුත් දැන් පවතින තත්ත්වය අනුව එවැනි මිල අඩුකිරීමක් කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.

මේ අතර රු. 07.00කින් පෙට්‍රෝල් මිල අඩු කළද ත්‍රී රෝද රථ ගාස්තු අඩු කිරීමක් පවතින තත්ත්වය යටතේ බලාපොරොත්තු නොවන ලෙසත් එම සහනය නැතත් අවශ්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන්නේ නම් එය ද මේ මොහොතේ සෑහෙන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල අඩු කිරීමක්!

කොළඹ LNW:ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06...

ඩීසල් සහනාධාරයක් ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : මෙම මස...

පොළොන්නරුව රෝහලේ පිපිරිම ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වඩාත් පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර 200 වැනි ස්ථානයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ලොව වඩාත්ම පරිසර...