ඉන්ධන මිල අඩුවුණත් බස් හා ත්‍රීරෝද රථ ගාස්තු අඩු නොවන හේතුව මෙන්න! (VIDEO)

කොළඹ LNW:අදට දී තිබෙන කම්කරු දිනයේදී V8 පන්නයේ සහනාධාරයක් ලැබී ඇති නමුත් එමඟින් සාමාන්‍ය පොදු ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ ගාස්තුව අඩු කිරීමේ හැකියාවක් නැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.

රු. 135කින් අඩුකර ගෙන තිබෙන්නේ ධනපතියන් භාවිතා කරන සුපර් ඩීසල් මිල බවයි ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ.

සාමාන්‍ය ඩීසල් මිලද එලෙස අඩු වූයේ නම් බස් රථ ගාස්තු 50%කින් අඩු කළ හැකි නමුත් දැන් පවතින තත්ත්වය අනුව එවැනි මිල අඩුකිරීමක් කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.

මේ අතර රු. 07.00කින් පෙට්‍රෝල් මිල අඩු කළද ත්‍රී රෝද රථ ගාස්තු අඩු කිරීමක් පවතින තත්ත්වය යටතේ බලාපොරොත්තු නොවන ලෙසත් එම සහනය නැතත් අවශ්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන්නේ නම් එය ද මේ මොහොතේ සෑහෙන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...