චන්ද්‍ර ගවේෂණයට චීනයෙන් ඓතිහාසික පියවරක්!

Date:

කොළඹ LNW:චන්ද්‍රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ සාම්පල ලබා ගැනීම සඳහා අද (03) චීනය Chang’e-6 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කළේය.

මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ මෙවැනි දියත් කිරීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Chang’e-6 අභ්‍යවකාශ යානය රැගත් Long March-5 රොකට්ටුව චීනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි දූපත් පළාතක් වන හයිනාන් වෙරළෙහි Wenchang අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධස්ථානයේ සිට පස්වරු 5:27 ට පමණ ගුවන් ගත කෙරිණ.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අනුව (CNSA) ආසන්න වශයෙන් මිනිත්තු 37 කට පමණ පසු මෙම යානය රොකට්ටුවෙන් වෙන්ව සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇත.

චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ සාම්පල එකතු කිරීම සහ ආපසු රැගෙන ඒම ‍ඓතිහාසික ජයග්‍රහණයකි.

මේ වනවිට අදාළ ප්‍රදේශය පිළිබඳ ඉතා අල්ප දත්ත ප්‍රමාණයක් පවතින බවත්, මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, ඉන් විද්‍යාඥයින්ට වඩා ඵලදායී නිගමන ලබා ගැනීමේ අවකාශය පවතින බවත් චීන ඉංජිනේරු ඇකඩමියේ විද්‍යාඥයෙකු සහ චීනයේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වන Wu Weiren මහතා පැවසීය.

එමෙන්ම එය සඳෙහි දුරස්ථ ප්‍රදේශයේ පරිසරය සහ ද්‍රව්‍යමය සංයුතිය අවබෝධ කර ගැනීමට ද ඉවහල් වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...