ඇවිත් ගිය පසු ශාස්තෘ ….

Date:

ඇවිත් ගිය පසු ශාස්තෘ
සිදුව ඇති දේ පසක් වන තුරු
පිදුම් ලැබුමෙන් උදම් වෙයි කඳු

බැතිමතුන් ලූ මළ මූත්තර
පිරී ඉතිරී ගඳ ගසයි
රසවතුන් වෙත වැසුණු වන පෙත
“දැන් සැපද ” කියලා අසයි
අවන්හල් විශ්‍රාම ශාලා
කන්දෙ එල්ලී කෑ ගසයි
“මගේ පාඩුවෙ ඉන්න බැරි මට
ශාස්තෘ මෙහි ආ නිසයි”

ඇවිත් ගිය පසු ශාස්තෘ
සිදුව ඇති දේ පසක් වන තුරු
පිදුම් ලැබුමෙන් උදම් වෙයි කඳු

~ රුවන් බන්දුජීව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...