*
Saturday, May 3, 2025
spot_img

Latest Posts

පීතරයින්ගේ අපහාසය සහ ආයෝජනය

නිශ්මං රණසිංහ මැයි 03, කොළඹ LNW:

ප්‍රතිමළුන් පිටු දැකීමේ පාසල් රගර් තරගාවලියේ අර්ධ අවසන් තරගයෙන් එහාට නොයන්නට ශාන්ත පීතර විද්‍යාලය තීරණය කර තිබෙනවා.ඒ සිට කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරියට අපයෝජන චෝදනාවක් එල්ල වී තිබෙන නිසයි.එය පාසලේම දරුවෙකු විසින් සිය පියා හරහා යොමු කර තිබෙනවා.

මෙම තත්ත්වය මත තරගාවලියෙන් ඉවත්වීමට ශාන්ත පීතරය ඉදිරිපත්වීම හරහා ඔවුන් ක්‍රීඩාව සම්බන්ධයෙන් හොඳ ආයෝජනයක් ද කර තිබෙනවා.ඒ සැකයට හෝ චෝදනාවට ලක් වී සිටින ක්‍රීඩකයන් සමඟ ඔවුන් ක්‍රීඩාවෙන් ලබන ජයග්‍රහණවලට වඩා ක්‍රීඩාවේ විශ්වසනීය විනය සම්බන්ධයෙන් ඉදිරිගාමී පියවරක් තැබීමෙනුයි.එය ක්‍රීඩාවේ දි පාසල් මඟින්ම වැරදි ලේඛණ සකස් කරමින් නුසුදුසු ක්‍රීඩකයින් ක්‍රීඩා කරවන බවට විවිධ ආකාරයේ චෝදනා සිඳුවන සහ වැරදි ආකාරයට තමන්ගේ පාසල්වලට වෙනත් පාසල්වල දක්ෂයින් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛණද නොසළකා ඇතුළත් කරන තත්ත්වයන් වාර්තාවන පරිසරයක ශාන්ත පීතර පරිපාලනය මෙවැනි දෙයකට පිවිසීම වැදගත් ලෙස සැළකිය හැකියි.

ඒ නිසා ශාන්ත පීතරය තමන්ගේ දරුවන් කිහිප දෙනෙකු නිසා තැවරෙන මඩ අතරේ,ක්‍රීඩාශීලීත්වයට,ආචාරශිලීත්වයට සහ සාධාරණයට මුල් තැන දෙමින් ඒ මඩ මත සුවඳ මල් ගසක් පැළ කරන්නට සමත්වීමක් ලෙස මේ කාරණය හැදින්විය හැකියි.එය සියලු පාසල් ආදර්ශයට ගත යුතුයි.එසේම ජයග්‍රහණයට ලැබෙන ආශිර්වාදය පමණක් සළකා ජාතික කණ්ඩායම ද පුහුණු කරන සිය පුහුණුකරු විසින්,තරගයකදී ප්‍රසිද්ධියේ සිය සිසුවෙකුට පහර දීම ගැන ශාන්ත පීතරය ඉකුත් අවස්ථාවක ක්‍රියාමාර්ග ගනු ලැබුවේ නැහැ.ඒ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ කීඩා තරගයක නිසා පාසල් රග්බි සංගමය සහ අනිත් පසින් රටේ රග්බි ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිය තාවකාලික බලය මුළු වෙර යොදා ගනිමින් ක්‍රියාවට නංවන්න උත්සාහ කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පියවර ගනු ලැබුවේත් නැහැ.එවැනි වාතාවරණයක වැරදි ආදර්ශ ලබා දීම සහ ජයග්‍රහණ වෙනුවෙන් සියල්ල ඉවසීම වැනි අදහසක් පාසලෙන් සිසුවන්ට ලැබුණේ ද යන්නත් පීතර පරිපාලකයින් දැන්වත් කල්පනා කර බැලිය යුතුයි.

කෙසේ වුවත් මේ මොහොත ගැන කල්පනා කරද්දී චෝදනාලාභීන් සමඟ ජයග්‍රහණ සොයා යාමට වඩා ක්‍රීඩාංවේ ගුණංග රැක ගැනීම වෙනුවෙන් ශාන්ත පීතර විද්‍යාලීය රගර් පරිපාලනය සහ විද්‍යාලීය පරිපාලනය ගෙන තිබෙන මෙම තීරණය පිටුපස අවාසනාවන්ත සිඳුවීමක් තිබුණ ද,එය අගය කිරීමක්ද සිඳු විය යුතුයි.ආදර්ශයක් ලෙස ද ගත යුතුයි.

මේ වන විට රග්බි කීඩාවේ ජීව ගුණය ගැන කිසිඳු හැඟීමක් නැති සහ දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රීඩාවට ඕනැම හානියක් කරන්නට ඉදිරිපත් වූ පිරිස් මත යැපෙන තත්ත්වයක පවතින රගර් ක්‍රීඩාවක ඉහළ නාය යාම පහළ පාසල් මට්ටමේ ක්‍රීඩකයාගේ විනය පිරිහීම දක්වා බලපාන බව මෙවැනි කරුණු හරහා හෝ තේරුම් ගැනීම වැදගත් වෙනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan