නීති විරෝධී මූල්‍ය ජාවාරම්වල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මැයි 03, කොළඹ LNW :

රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මූල්‍ය ජාවාරම්වල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් 120කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මෙම පිරිස අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය ඇතුළු රටවල් රැසක පුද්ගලයන් සිටින බව වාර්තා වේ.

වැටලීම සිදු කළ ස්ථානයේ තිබී ඔවුන් පරිහරණය කළ පරිගණක සහ ජංගම දුරකථන විශාල ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයක රහසිගතව පවත්වාගෙන ගිය මෙම ජාත්‍යන්තර මූල්‍ය අපරාධය පිළිබඳව බලධාරීන් මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වයි.

සැකකරුවන් විසින් මෙහෙයවන ලද මෙම නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඬලීම සඳහා පොලිසිය ගත් මෙම පියවර ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...