ජනපීඩක ආණ්ඩුවේ ජනාධිපතිවරයා දැන් ස්වාධීන අධිකරණයේ ක්‍රියාවලියටත් ඇඟිලි ගහන්න පටන් අරන් – විපක්ෂ නායක සජිත්

 මැයි 04, කොළඹ LNW :

අද වන විට වත්මන් රජය රටේ ජනතාවගේ ආර්ථික, සමාජිය, දේශපාලන අයිතිය විනාශ කරමින් සිටින බවත් වැට් බද්දෙන් ආවරණය වන ප්‍රමාණ ප්‍රතිශතය ඉහළ දමා රටේ ජනතාවගේ පීඩනය අසහනය දරිද්‍රතාව දුක කදුල වේදනාව ඉහළටම ගෙනවිත් ඇති බවත් ඊට අමතරව වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරීම්වලට ලබා දුන් 15% ඉතිරි කිරීමේ පොලිය පවා අඩු කර තිබියදී රටේ නීතියේ ආධිපත්‍ය හා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රටේ අධිකරණයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක බවට රටේ ජනාධිපතිවරයා පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින පැවසීය.

ජනාධිපතිවරයා අධිකරණයේ මාධ්‍ය ප්‍රකාශක වෙලාද?

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන්න ආයතන 3 අතර සංවරණ හා තුලණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ හැකි නමුත් රටේ ජනාධිපතිවරයා මේ වන විට අධිකරණ ක්‍රියාවලිය ගැන අනාවැකි පළ කර අධිකරණයෙ ක්‍රියාවලිය ගැන ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකයෙක් විස්තර විචාරකවරයෙක් පුවත් මවන්නෙක් ලෙස කටයුතු කිරීම අධිකරණයට කරන අපහාසයක් සේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය උල්ලංඝනය කිරිමත් අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් එල්ල කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක ප්‍රජාතන්ත්‍රවාදයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහරක්

ජනාධිපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කිරීම රටේ දේශපාලන නිදහස, ප්‍රජාතන්ත්‍රීය අයිතිය සහ අධිකරණ ක්‍රියාවලියට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයට එල්ල කරන මරු පහරක් බවත් එම නිසා ජනතාවගේ කරපිට බදු බර පටවන බදු සූදුව වහා නවත්වා ජනතාවට සහන ලබා දී වැඩිහිටියන්ගේ ඉතිරි කිරීම්වලට පොලිය ලබා දීමත් අධිකරණයට බලපෑම් නොකර අධිකරණය ශක්තිමත් කරන ලෙසත් විනිසුරුවරුන් ගණනාවක් සිය උසස්වීම් වෙනුවෙන් පත්වීම් වෙනුවෙන් අපේක්ෂාවෙන් සිටින නමුත් රජය ඒ පත්කිරීම් පවා සිදු කර නොමැති බවත් සිදුවිය යුත්තේ අධිකරණය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු 3 බලතල ආරක්ෂා කර සංවරණ හා තුලන ක්‍රියාවලිය සුරක්ෂා කරනවා මිස අධිකරණ ක්‍රියාවලිය ගැන අනාවැකි ප්‍රකාශ කරන්නෙක් ලෙස ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජය ජනතාව සමඟ ඇති කර ගත් සමාජ ගිවිසුම උල්ලංඝනය කළොත් අපි ජනතාව වෙනුවෙන් මහ පාරට බහිනවා

එසේම රටේ ජනතාවගේ දේශපාලන, ආර්ථික හා සමාජීය අයිතිය ශක්තිමත් කර රටේ ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කර හොද ජීවන තත්ත්වයක් රටේ ජනතාවට ලබා දිය යුතු බවත් එය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ සමාජ ගිවිසුම බැවින් එය උල්ලංඝනය නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඒ දේ කළොත් විකල්ප ආණ්ඩුව ලෙස විපක්ෂය පෙරට පැමිණෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...