සටහන: සශිකලා මධුෂාණි
මැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිලියන 100 කට අධික ජනතාවක් වෙසෙන බටහිර බෙංගාලයේ අද(04) පැවති මැතිවරණයේ අගමැති නරේන්ද්‍ර මොදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) විශිෂ්ඨ ජයක් වාර්තා කර ඇති බව වාර්තා වේ.
මෙම ජයග්‍රහණය වසර 12 ක පාලන සමයේ වඩාත්ම වැදගත් ඉදිරි ගමනක් වනු ඇති අතර ජනගහනයෙන් ආසන්න වශයෙන් 27% ක් හෙවත් ප්‍රාන්තයේ ආසනවලින් තුනෙන් එකක් පමණ සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් සිටීන මෙහි භාරතීය ජනතා පක්ෂය මෙවර ආසන 294 න් 200 ක් ජයග්‍රහණය කර තිබිණි.
බටහිර බෙංගාලයේ භාරතීය ජනතා පක්ෂ ව්‍යාපාරයට ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා නායකත්වය ලබා දී තිබු අතර 2011 සිට නැගෙනහිර ඉන්දියානු ප්‍රාන්තයේ බලයේ සිටින මධ්‍යස්ථ දේශපාලන බලවේගයක් වන මහ ඇමතිනි මමතා බැනර්ජි යටතේ සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්රස් (ටීඑම්සී) පක්ෂය හරහා වසර 15ක් මෙහි බලය දරන ලදී.
මෙවර මැතිවරණය වෙනුවෙන් බටහිර බෙංගාලයට පැරාමිලිටරි භට කණ්ඩායම් 2,400ක් යොදවා තිබු අතර නමුත් සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්රස් (ටීඑම්සී) සහ අනෙකුත් විරුද්ධ පක්ෂ තර්ක කළේ පැරාමිලිටරි භට කණ්ඩායම් ඡන්දදායකයින් බිය ගැන්වීමට හෝ බලපෑම් කළ බවයි.

