සටහන: සශිකලා මධුෂාණි
මැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ අතිශය රහසිගත කලාපයක් ලෙස සැලකෙන Area 51 ප්‍රදේශය ආසන්නයේ පැය 24ක් තුළ භූ කම්පන 17ක් වාර්තා වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (USGS) දත්ත වාර්තා කර තිබේ.
මෙම භූ කම්පන පොකුර 2.5 සිට 4.4 දක්වා විශාලත්වයෙන් යුක්තව ඇති අතර ලාස් වේගාස් නුවරට වයඹ දෙසින් පිහිටි Area 51 කලාපය, දශක ගණනාවක සිට රහසිගත ගුවන් යානා පරීක්ෂණ සහ හමුදා පර්යේෂණ හා හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ මෙම කොටස ස්වභාවිකවම භූ තැටි ක්‍රියාකාරී කලාපයක පිහිටා ඇති අතර, පෘථිවි පෘෂ්ඨයේ ඇති වන පීඩනය කුඩා පැලුම් හරහා මුදා හැරීමේදී මෙවැනි “භූ කම්පන රංචු” (earthquake swarms) ඇති විය බවයි.

