දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සමහරු බොරු බිල්ලන් මවනවා – කැබිනට් ප්‍රකාශක

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව බොරු බිල්ලන් මවාපෑමේ නියැළී සිටින බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කිසිසේත්ම අවසන් තීරණයකට එළඹිලා නෑ. විවිධ පාර්ශ්ව විවිධ විදියට බිල්ලන් මවාපෑමේ කටයුත්ත සිද්ධ කරනවා ස්ථාවර තැන්පතුවල තියෙන සල්ලි ඔක්කොම සීල් කරනවාය, ඒවා ගන්නවාය, සේවක අර්ථසාධක අරමුදල සම්පූර්ණයෙන්ම ඉවර කරනවාය කියලා. මේවා හුදු කතන්දර. ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමේ ක්‍රියාවලිය නිමවෙලා නෑ. ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කරනවිට ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා මේ රටේ තැන්පත්කරුවන්ට, අර්ථසාධක අරමුදල් හිමියන්ට අවාසිදායක බලපෑමක් නොවන ආකාරයට උපායමාර්ගික ක්‍රමවේද සකස් කරගැනීම පිළිබඳව ඒ කමිටුවලට වගකීම භාරදීලා තියෙනවා කියලා.

ඔබතුමන්ලා දන්නවා 16 වතාවක් IMF සමග ගිවිසුම් ඇතිකර ගැනීමේදී ඒ කිසිම ආණ්ඩුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් නෑ, කාටවත් කිව්වෙත් නෑ. මෙවර මුදල් අමාත්‍යවරයා වශයෙන් සහ ජනාධිපතිතුමා වශයෙන් මේ රටේ ජනතාවට මේ ඇත්ත තත්වය දැනගැනීමට අවශ්‍ය නිසා IMF ගිවිසුම් සම්බන්ධතාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම රටට හෙළිදරව් කළා. දින තුනක පාර්ලිමේන්තු විවාදයකුත් දුන්නා. ඒ නිසා අපට හංගන්න දෙයක් නෑ. අපට කියන්න තියෙන්නෙ රටේ ඉතා අන්තරාදායකම ණය ගෙවීමේ අර්බුදයෙන් අපි මිදිලා නෑ, ඒ සඳහා විශාල උත්සාහයක් ඒ සම්බන්ධිත පාර්ශ්ව දරණවා. හැම පාර්ශ්වයකටම සිදුවිය හැකි අවදානම හා අලාභය අවම වන ආකාරයට තමයි මේ කටයුතු සිද්ධ කරගෙන යන්නේ”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...