*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මජර දේශපාලනයෙන් ඔබ්බට,

ශ්‍රී ලංකා දේශපාලනයේ තියන මජර සහ ත්‍රාඩ ලක්ෂණ වැඩි වැඩියෙන් මතුවෙන කාලයක් බවට මේ කාලය පත් වෙලා.සාපේක්ෂව මේ ලක්ෂණය ලාංකිය දේශපාලනයේ අඩු වැඩි වශයෙන් තිබුණා. හැබැයි පහුගිය කාලේ මේ තත්වය වේගයෙන් වර්ධනය වෙලා තියනවා.විශේෂයෙන්ම ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ මේ තත්වයේ කැපී පෙනෙන වර්ධනයක් තියනවා. අද වෙනකොට වමද දකුණද, පක්ෂයද විපක්ෂයද කියලා නෑ ඒ හැම කෙනාම මජර සහ ත්‍රාඩ දේශපාලනයේ ගොදුරු බවට පත්වෙලා.මජරකම සහ ත්‍රාඩකම දැන් දේශපාලන විලාසිතාවක් වෙලා.තවමත් තමන් පිලිගන්න දේශපාලන මතයට අනුව ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ඉතා අතලොස්සක ඉන්නවා. රටේ රාළ ගේන මේ විවේචනය එයාලට අදාලම නෑ.

ඇත්තටම අපේ දේශපාලනයට සිද්ධ වෙලා තියන හානිය බලාගන්න හොඳම තැන තමයි සමාජ මාධ්‍යය.අපිට ඕනිම කෙනෙකුගේ දේශපාලන මතය අහන්න පුළුවන් වෙන්න ඕනි.ඒ මතයට අපි එකඟද නැද්ද කියන එක තීරණය කරන්නේ ඊට පස්සේ. අපි එකඟ නැති මතයකට උනත් ඇහූන්කම් දීමයි ශිෂ්ඨත්වය.ඒ මතයට එකඟ නැත්නම් ඒකට විවේචනයක් ගේන එක අපේ දේශපාලන අයිතියක්.හැබැයි අද සමාජ මාධ්‍ය දිහා බැලුවොත් අද විවේචනය කියන්නේ තනිකරම කුණුහරප.නායකයන් ඇතුලේ තියන මජර සහ ත්‍රාඩ ගති ලක්ෂණ ලාංකික දේශපාලන දේහය ඇතුලට කාන්දු වෙලා සමස්ථ දේශපාලනයම කුණුහරපයක් වෙලා.දැන් ඒ දේශපාලනය හැම පක්ෂයකටම වලංගු සාධකයක්.ජවිපෙත් දැන් එතෙන්ට වැටිලා. එක පාරක් රටට අගාධයේ පතුලේ තිබුණ වෙලාවක තමයි හදුන්නෙත්ති කියන්නේ රටට ඩොලර් එවන්න එපා කියලා.

සජිත්ට ගහන්න ජවිපෙ පාවිච්චි කලෙත් ඉතාමත් බාල දේශපාලන මඩ.සජිත් ජනතාවට මොනවා හෝ සුභසාධන වැඩක් කරන කොට ජවිපෙ ඒක හෑල්ලු කරපු හැටි අපි දැක්කා.ජවිපෙ නලින්ද ජයතිස්ස කිව්වේ බස් ඩ්‍රයිවර් කෙනෙකුට පුළුවන්ද රටක් පාලනය කරන්න කියලා.ඊට පස්සේ ජවිපෙ සහ ජවිපෙ බලවේගය ඒ කතාව Continue කළා.ඇත්තට පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන පක්ෂයකට ඩ්‍රයිවර් කියන වෘත්තිය බාල්දුකරන්න තියන අයිතිය මොකද්ද?එහෙම හැගීම් ජවිපෙ නායකයන්ට තිබීමෙන් ජවිපෙ කොච්චර වැඩවසම්ද කියලා තේරෙනවා. ලාංකීය දේශපාලනයේ තියන මේ ත්‍රාඩ බව මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ.ඒකෙන් හදන්නේ වෛරය.අද දේශපාලනය කියන්නේ වෛරය.මේ තත්වයට එරෙහිව බුද්ධිමත් ජනතාව නැගිටින්න ඕනි. පහුගිය දවසක සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදි තමන් කවුද කියලා පෙන්නුවා.

විමල් ලියපු ” නවය සැඟවුණ කතාව ” පොතේ ගෝල්ෆේස් අරගලය ඇමරිකන් කුමන්ත්‍රණ බවත් ඒ කුමන්ත්‍රණය පිටිපස්සේ සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා ඉන්න බවත් විමල් කියලා තිබුණා.විමල්ගේ චෝදනාවට උත්තර දෙනවා වෙනුවට ෆොන්සේකා කළේ අර වෛරී සහගත පහත් තැනට වැටිලා කෑකෝ ගහන එකයි.ෆොන්සේකාට එතනදී ඔප්පු කරලා පෙන්වන්න තිබුණේ තමන් කොටි ත්‍රස්‌තවාදයට විරුද්ධ සටන් කිරීම නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර කදවුරේ උදහසට ලක්වෙලා තියන විදිහයි.අදත් තමනුත් තමන්ගේ පවුලේ අයත් ඒ ප්‍රශ්නයෙන් බැට කන විදිහ.ඒ වගේම අරගලයට එයා ආවේ ඇයි කියන එකත් ලස්සනට කියන්න තිබුණා.ඇත්තටම විමල්ගේ පොතෙන් ලකුණු රැස්කරන්න අවස්ථාව තිබුණේ ෆොන්සේකට. ඒක ෆොන්සේකට ජනතා ආකර්ෂණය දිනා ගන්න විමල් දුන්න තෑග්ගක්.හැබැයි ෆොන්සේකා ඒ උත්තරය දෙනවා වෙනුවට කළේ විමල්ගේ තත්වයට වැටෙන එක. ෆොන්සේකා කිව්වේ ඒ කාලේ විමල් එයාගේ සෙරෙප්පු ලෙව කෑවා. ශවේන්ද්‍රගේ පස්ස ලෙව කෑවා කියලයි.

පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවාහිනිය සංවාදයකට ආපු විමල් ඒක උත්තර දුන්නේ තමන්ගේ මජරකම ආයෙත් ලෝකයට පෙන්වමින්.විමල් ඉතිහාසයේ ෆොන්සේකා හම්බ වෙලා කරපු සාකච්ඡාවක තොරතුරු අණාවරණය කළා.ඒ කියන්නේ ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයකට ලෑස්තියි කියන ඉගියක් තමන්ට දුන්නා කියලා විමල් කිව්වා.විමල් ඒ කතාව ජවිපෙ දේශපාලන මණ්‌ඩලයට කිව්ව බව ඇත්ත.ඒ වගේම විමල් ඔය කතාව ජානීපෙ දේශපාලන මණ්‌ඩලයටත් කිව්වා.ඒකත් හරි.හැබැයි ඒක රටට කීම සම්පුර්ණයෙන්ම වැරදියි. මොකද ඒක ඒ දෙන්නා අතර සිද්ධ වෙච්චි පෞද්ගලික සාකච්චාවක්. දැන් විමල් ඒවා පවා එලියට දාන තරමට මජර වෙලා.කොච්චර උනත් ජවිපෙ කවදාවත් එහෙම කතා කියන්නේ නෑ.ඇත්තටම විමල්ලා ගැන රටේ රාළ දන්න පෞද්ගලික කතා කිව්වොත් විමල්ට නවතින්න වෙන්නේ සයිබීරියාවටත් එහා ගිහින්.ඒත් කවදාවත් රටේ රාළ එතෙන්ට වැටෙන්නේ නෑ.

ඇත්තටම ඒ සංවාදයෙන් ෆොන්සේකා සහ විමල් තමන්ගේ ඇතුලේ ඉන්නේ මොනවගේ සත්තුද කියලා පෙන්නුවා.පහුගිය දවස්වල සජබෙ වේදිකාවෙන් වුනේ ඔය ටිකම තමයි.සජිත්ගේ වේදිකාවේ කතිකයෝ තුන් දෙනෙක්වත් ජවිපෙට ගහන්න වෙන් කරලා තිබුණා.රනිල්ට ගහන්න හිරුණිකා වගේ චරිත ඉතා පහත් විදිහට යොදා ගත්තා.සුජීව සේනසිංහ සජබෙ වේදිකාවට ගෙනාවේම ජවිපෙට මඩ ගහන්න.අද කෝ සූජ්ව සේනසිංහ.පලාත් පාලන මැතිවරණ වේදිකාවේ ජවිපෙට මඩ ගහන්න ගෙනාව මඩකරියා තමයි සූජීව සේනසිංහ.සජබ මැයි දිනයේ සූජිව නෑ.එහෙනං බොහොම පැහැදිලියි සජීව ඉන්නේ සජිත්ගේ මඩ Project එකේ කියලා.මඩ ඕනි වෙලාවටම සූජීව එනවා.ඒවා සජිත් නොදැනුවත්ව කළා වෙන්න බෑනේ. ඊළගට ඔය මජර සහ ත්‍රාඩ දේශපාලනය හොඳටම තියෙන්නේ පොහොට්ටුවේ කට්ටිය ළඟ. රාජපක්ෂලා ඒවට ඔක්ස්ෆර්ඩ්ලා.

ඔයාලට මතක ඇති රාජපක්ෂලාගේ මඩකරි ගෝලයෝ කොහොමද ගෝල්ෆේස් අරගලයට ගැහුවේ කියලා.උදාහරණයයක් ගත්තොත් ප්‍රසන්න රණතුංග තවමත් ගෝල්ෆේස් අරගලයට ගහනවා. ඇත්තටම ගෝල්ෆේස් අරගලය කියන්නේ කාත් එක්කවත් තියන පුද්ගලික තරහට කරපු අරගලයත් නෙවෙයි.ජනතාවට පීඩනය දරා ගන්න බැරුව සිද්ධ වෙච්චි ජනතා නැගිටීමක්.ඒක තේරුම් ගන්නේ නැතිව රාජපක්ෂලා තමන්ගේ බත්බැලයෝ දාලා අරගලය ගහන්න ගිහින් ගුටි කෑවට අරගලකාරයෝ මොනවා කරන්නද?ඒ ඓයිතිහාසික ගුටි කෑමට වගකියන්න ඕනිත් රාජපක්ෂලාම තමයි.ඒක නිසා පක්‍ෂ විපක්ෂය සියලු දෙනා කරේ තියාගෙන යන මේ තක්කඩි දේශපාලනයට දැන් අපි ගහන්න පටන් ගන්න ඕනි.මොකද මේ යන විදිහට මෙයාලට හෙට කරන්න තියෙන්නෙත් ඔය දේශපාලනයම තමයි.දැන්වත් ඔය කාලකණ්ණි ක්‍රමය නවත්තලා දේශපාලන පක්‍ෂ විදිහට රටට ඉෂ්ඨ කරන්න ඕනි තමන්ගේ වගකීම ඉෂ්ඨ කරපල්ලා කියලා දේශපාලන පක්ෂවලට බල කරන්න ඕනි.

කිසිම දේක තියන සාධනීය පැත්ත දකින්න බැරි තරමට අද විපක්ෂය අන්ධ වෙලා.උදාහරණයක් ගත්තොත් පහුගිය කාලේ ගෝඨාභය කරපු පිස්සුව නිසා ගොවීන්ට පෝර නැති වුනා.ඒ කාලේ යූරියා මිටියක් රුපියල් 40000 ට වැඩිය උඩ ගියා.හැබැයි අද ඒක රුපියල් 10000 ට වඩා පහලට ඇවිත් තියනවා.දැන් එතකොට කරන්න ඕනි තවතවත් ප්‍රශ්න හදහදා ගොවියා ගොවිතැනින් ඈත් කරන එකද?රටට බත සපයන්න ගොවියා ධෛර්යමත් කරන එකද?කොයි ගොවි සංවිධාන නායකයාද එහෙම කරන්නේ?අර නාමල් කරුණාරත්නලා හදන්නේ ගොවියා පාරට ගන්න මිසක් ගොවියා කුඹුරට යවන්න නෙවෙයි.ඇත්තටම මේ තියන සමාජීය ප්‍රශ්නවලට උත්තර හදන්න මැදිහත් වෙන එක විපක්ෂයේ වගකීමක් නෙවෙයිද?

ඒක රනිල්ගේ කරේ විතරක් ගහලා බේරෙන එක හරිද?දැන් විපක්ෂයේ හැසිරීම බැලුවොත් එයාලා ඉන්නේ එහෙමයි.සමාජ සුබසාධන අපට අදාල නෑ ඒවා රනිල්ගේ වැඩ විදිහටයි.එයාලා කරන්නේ රනිල් කරන ඒවා හොද හෝ නරක වේවා ඒවට ගල් ගහන එකයි.රටේ රාළ අහන්නේ ඉතින් දෙයියනේ රටක් හැදෙයිද කියලයි?

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan