රට ගොඩගැනීමට අපිට ලොකු අරමුණක් තිබෙනවා.

Date:

අද වන විට අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වී මහජනතාවගේ ජන ජිවිත කඩා වැටී ඇති බවත් ජනතාවට කරකියා ගත නොහැකිව අන්ත අසරණ වී ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සසුනට අරුණ වැඩසටහන තුළින් බෞද්ධාගමික සිද්ධස්ථාන අලුත්වැඩියා කිරීමත්, කිතුණු මඟට සවියක්, මස්ජිදක පුදුකුලිව්, ධර්මතින් ඔලි වැනි වැඩසටහන් තුළින් අනෙකුත් ආගමික සිද්ධස්ථාන සුරක්ෂා කිරිමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම පුද්ගලයකුගේ ජන ජීවිතයේ වැදගත්ම අංශ දෙකක් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ගොඩනැගීම සඳහා සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හැම වැඩසටහනක් තුළින් අපේක්ෂා කරන්නේ රට ගොඩගැනීම බවත් රට ගොඩගැනීමට ලොකු බලාපොරොත්තුවක් සමගි ජන බලවේගය සතු බවත් ඒ සඳහා ඇති වේගවත් ක්‍රමය වන්නේ තොරතුරු තාක්ෂණ අපනයන වැඩසටහන බවත් විපක්ෂයේ සිට පවා සක්වල වැනි තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රට ගොඩගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ආනමඩුවේ දී පැවසීය.

රජයෙන් බෞද්ධාගමික සිද්ධස්ථානවලට මෙන්ම සෙසු ආගමික සිද්ධස්ථානවලට නිසි තැනක් නොලැබුණත් විපක්ෂය මේ සෑම ආගමික ස්ථානයක් කෙරෙහිව අවධානය යොමු කර ඇති බවත් මේ ආගමික සිද්ධස්ථාන හරහා බුද්ධිමතුන් බිහි කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරිමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුද්ධාගම පමණක් නොව සෙසු ආගම්වලට ද එක හා සමාන තැනක් ලබා දෙමින් රට තුළ රැකවරණය ආරක්ෂාව සකස් කරන බව විපක්ෂ නායකවරයා පැවසීය. මේ වැඩසටහනට යටතේ චෛත්‍ය 1125ක් සැදීමට නියමිත බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සසුනට අරුණ වැඩසටහනට සමගාමීව කොරකහයාය රාමන්කුලම මහකුඹුක්කඩවල ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ ඉදිවුණු චෛත්‍යරාජයාණන් වහන්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කරනු ලැබීය.

සසුනට අරුණ වැඩසටහන යටතේ 12 වැනි චෛත්‍ය ආනමඩුව දුමින්දාරාම විහාරස්ථානයට ලබා දුන් අවස්ථාවේ දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...