*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ආසියානු සභාපති තබන්නට හැදූ TRY, PENALTY TRY වෙමින් ඇත.

සටහන – නිශ්මං රණසිංහ
මැයි 05, කොළඹ (LNW): වසර ගණනක් ආසියානු සභාපතිවරයා සහ ඔහුගේ තුරුළේ සැතපී සිටින ලාංකිකයන්ගේ ද,නාමල් රාජපක්ෂ සහ රොෂාන් රණසිංහ වැනි දේශපාලකයන්ගේ ද ආශිර්වාදය ඇතුව ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ ස්වාධීනත්වය අහිමි කරමින් සිය උවමනාවන් යටතේ හසුරුවන්නටත්,උපක්‍රමිකව වසර 12 ක ඉතිහාසයක් ඇති ආසියානු සභාපතිවරයාගේ රටේ රග්බි ක්‍රීඩාව වසර 145 ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට ඉහළින් තැබීමේ අවශ්‍යයතාවය ඒ සමඟ ඉටු කරවා ගැනීමටත් ආසියානු සභාපතිවරයාට හැකි විය.එම බාධාවෙන්,බලපෑමෙන් පිටියේ ක්‍රියාත්මක වන රගර් ක්‍රීඩාවෙන් කුමනාකාරයේ දක්ෂතාවයක් ඇති ක්‍රීඩක කණ්ඩායමකට අසාධාරණයක් වූවේද යන්න පැහැදිළි කරමින් ආසියානු ඒ කාණ්ඩයේ රගර් සූරතාවය පහසුවෙන්ම දිනා ගත් ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ආසියාවට නොව ලෝකයටම ඔප්පු කරන්නට සමත් විය.ඒ සම්බන්ධයෙන් වෙනම සටහනක් තබන තෙක් වත්මන් තත්ත්වය ගැන මේ සටහන තබන්නට අපි තීරණය කළෙමු.

ආසියානු සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට කෙණහිළිකම් කරපු කණ්ඩායමට රිදෙන පිළිතුරක් දුන් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයින්, කසකස්තානයට අවසාන තරගයේදී 45 – 7 ක් දැවන්ත පරාජයක් අත් කර දෙද්දී තවත් අතකින් ආසියානු සභාපතිවරයාට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර අධිකරණයට පැමිණීමට එන පැමිණිල්ලක් ද යොමු වන බව වාර්තා වෙමින් තිබීම මේ සටහනට පාදක වන්රිස්ලි ඉල්ලියාස් තමා පදනම් කරගෙන එල්ලවන පීඩනයෙන් ශ්‍රී ලංකා රගර් ඉවත් කිරීමේ උවමනාව ඇතුව තනතුරෙන් ඉවත්වීමෙන් ඉනික්බිතිව ඔහුගේ නායකත්වය යටතේ සිටි රගර් නිලධාරි කණ්ඩායම මේ වන විට අනීතික සිඳුවීම් මත ශ්‍රී ලංකා රගර්වලින් ඉවත් වී සිටින පිරිස් ද එකතු කර ගනිමින්,ආසියානු සභාපතිවරයාගේ උවමනාවන් අනුව හැසිරෙනු විනා,තමන්ගේ රටේ රගර් ස්වාධීනත්වයට එරෙහිව ගෙන ගිය සටන පෙරට ගෙන යන බවක් පෙනෙන්නට නැත.ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ රගර්වලට එල්ල වූ බාධාවන් නොසළකා,ආසියානු සභාපතිවරයා සමඟ සුරතල් වෙමින් සිටින තමන්ගේ රගර් නායකත්වය යටතේ සිටි කෙළෙහිගුණ නොදන්නා වත්මන් පරිපාලනය මෙහෙයවන්නන් අත් බැඳ ගෙන සිටියදී රිස්ලි ඉල්ලියාස් තමන්ගේ කීර්තිනාමයටත්,ශ්‍රී ලංකාවේ රගර්වලට කළ හානියටත් එරෙහිව ආසියානු සභාපතිවරයාගේ ක්‍රියා කළාපයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පිවිසෙන්නට සූදානම් වෙමින් සිටින බව වාර්තා වීම ආසියානු සභාපතිවරයාට එරෙහි තවත් ලාංකේය ජයග්‍රහණයකට පෙළ ගැසීමය.

එසේම ශ්‍රී ලංකාවේ නාමල් රාජපක්ෂ සහ රොෂාන් රණසිංහ ක්‍රීඩාව තමන්ගේ බූදලයක් කර ගන්නට උත්සාහ කරද්දී,ක්‍රීඩාවේ දේශපාලන නියෝජිතයාගේ මැදිහත්වීම සදාචාරාත්මක නොවන බවට කළෙක සිට එල්ල වන චෝදනා සැළකිල්ලට ගෙන හරීන් ප්‍රනාන්දු ලියාපදිංචි ක්‍රීඩා 73 ම වගකීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පවරා ඇත. මේ අනුව දැන් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ මේ දක්වා කරන ලද ක්‍රියාකාරකම් පදනම් කරමින්,විශේෂයෙන්ම ලෝක රග්බි සම්මේලනයෙන් පැනවූ පවුම් 50000 ට වගකිව යුතු පිරිසට තව දුරටත් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට මැදිහත්වීමට නොහැකි වන ලෙස ක්‍රීඩා පරිපාලනයෙන් සහ නීතියෙන් ආගමන විගමන පණත උල්ලංඝණය කිරීමට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍යය කරුණු දැක්වීම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් පිරිසක් සූදානම් වෙමින් සිටියි.


එසේම මේ වන විට ශ්‍රී ලංකා රගර් හී සභාපතිවරයා ලෙස පෙනී සිටින වැඩ බලන සභාපතිවරයා,සමාජය ඉදිරියේ එසේ හැසිරුණ ද නීතිමය සහ ගිණුම් කටයුතුවලදී තීරණ ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීම හෙමින් සීරුවේ මඟ හරිමින් සිටින බව ද වාර්තා වේ.එසේම වානිජ ආයතන සමඟ ගණු දෙනු කිරීමේදී තිබිය යුතු එකඟතා, ගිවිසුම් සහ සදාචාරාත්මක කාරණා නොසළකා කටයුතු කරමින් තීරණ ගැනීම සම්බන්ධයෙන් තවත් නීතිමය කරුණු ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබෙන අතර එසේම පරිපාලන කිහිපයක් හරහා ණය බරින් මිරිකී සිටි ශ්‍රී ලංකා රගර්වල ණය තත්ත්වය යම් මට්ටමකට යහපත් කිරීමට රිස්ලි ඉල්ලියාස් සිටියදී සමත් වූ බවත්,මේ වන විට එහි තත්ත්වය ගැන කිසිඳු පැහැදිළිතාවයක් නැති බවත්,ඒ ගැන ඉදිරියේ දී ක්‍රීඩා නීතිය යටතේ මෙන්ම රටේ නීතිය යටතේත්,තොරතුරු දැන ගැනීමේ පණත යටතේත් කරුණු දැන ගැනීමේ වැඩ පිළිවෙලක් රගර් ප්‍රේමින් පිරිසක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවන බවත් දැන ගන්නට ඇත.


කෙසේ හෝ එකම මොහොතක ශ්‍රී ලංකාවෙන් ආසියානු සභාපතිවරයා කරන ලද බලපෑමට සහ බලහත්කාරයට පිළිතුරු ලැබෙමින් ඇත.එහි සංඛ්‍යාත්මක අගයක් පේන හැටියට ලබා දුන් පිළිතුර ගෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට LNW කෘතවේදී වන්නෙමු.ලංකාවේ ක්‍රීඩා නීතිය යටතේ හෝ සාමාන්‍ය නීතිය යටතේ වරදක් කළ බවට ඔප්පු කර ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවේ හිටපු සභාපතිවරයාට අපි සුබ පතන්නේ,ශ්‍රී ලංකාවටත් ආසියාවෙන් කරපු කෙණහිළිකම් ගැන නොසළකා සිටින,තමන්ට නායකත්වය දුන් සභාපතිවරයාට සහ සාමුහිකව තමන්ගේ පරිපාලනයට වූ අසාධාරණය අමතක කරන්නට තරම් අකෘතඥ වී ඇති ශ්‍රී ලංකා රගර් පරිපාලනයටත් දැනෙන උත්තරයක් ආසියානු සභාපතිවරයාට දෙන්නට යුක්තියට සාධාරණය ඉටු වේවා කියා ය.
ස්වභාව ධර්මය සහ යුක්තිය විසින් අනීතිකව ආසියානු සභාපතිවරයා සිය සහචරයන් සමඟින් ශ්‍රී ලංකාවට එරෙහිව තබන්නට හැඳූ උත්සාහක දිණුම් (TRY) දැන් PENALTY TRY වීමට හැකි කාලය උදා වෙමින් ඇත.වැරදි ලෙස ජය ගැනීම ක්‍රීඩාවේ ආචාර ධාර්මිකභාවය සහ සාධාරණයත් යුක්තියත් විනාශ කරන්නේය.ඊට එරෙහිවීම වගකීමක් කොට අපි සිතන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan