*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

(වොෂින්ටන් මකරා)

👺ලඟ එන සජබ ආණ්ඩුව යටතේ මේ රට “නොනිදන රටක්” කරලා ගමට නගරයට සංවර්දනය ගලන පසුබිමක් ඇති කරනවා – වි : නායක සජිත්.

👺විවාදෙට බයවෙලා අඬන ජවිපෙ නායකයාට එය පැවැත්විය හැකි දිනයක් නිළ වශයෙන් දැන්වුවා. ආර්ථික කමිටු විවාදයටත් සජබ සූදානම් – සජබ කියයි.

👺අත්තනගල්ල ඌරාපොල විදුහලටත් සජිත් හා ජලනි ගෙන් ස්මාට් සුහුරු පංතියක්.තවත් පාසල් 05 කටත් එවැනි පංති. මැයි දිනට පසුදා ගම්පහ දිසා පාසල් 03 කටත් ස්මාට් පංති දෙයි.

👺මගේ පියා ඇතුළු සියලු දේශපාලකයන් රටට වැඩක් කළේ බලය ලබාගෙනයි. විපක්ෂයේ ඉදගෙන පාසැල් 245 කට හා රෝහල් රැසකට වැඩ කළේ මම විතරයි – සජිත්.

👺පාසල්, විශ්ව විද්‍යාල, පුස්තකාල ගිණි තියපු, මිණී මරපු, රාජ්‍ය දේපළ වනසා රට ආපස්සට ඇදපු ප්‍රාදේශීය සභාවක්වත් දියුණු කරන්න බැරිවූ උදවියට රට පාළනය කරන්න දීල පස්සෙ අඬන්න එපා – සජිත්.

👺පාඨලී හා චරිත හේරත් රහසේ සජිත් හමුවූ බව ට ආරංචි.

👺සජබ තිරෙන් පිටුපස න්‍යායාචාර්ය ලක්ෂ්මන් පොන්සේකා ඇමෙරිකාවේ සිට සජබ වෙනුවෙන් කැප වෙයි. අලුත් මාධ්‍ය මෙහෙයුමකටත් අත ගහලා.

👺අපේ සෙනග හංගලා මාළිමාව උස්සන්න ආණ්ඩුව ආසයි වගේ. අපි ඉල්ලපු ටවුන් හෝල් අවට ප්‍රදේශය ඔවුන්ට දුන්නෙ ඒකයි – සජබ මහලේකම් රංජිත්.

👺හොරකම් කල අය එක්ක සිස්ටම් චේන්ජ් හා රට හදන්න බෑ. අපේ කවුරුත් ආණ්ඩුවට යන්නෙ නෑ. මම බාර් ගත්තා කියල මඩ ගහන හිමි ජවිපෙ කෙනෙක් – රංජිත්.

👺පොහොට්ටු අපේක්ෂකයා ධම්මික ද නැතිනම් ඔහු අන්දලා මුදල් ගරනවද කියලා රටම සැකයෙන් බලනවා – සජබ කියයි.

👺වෛද්‍ය රාජිත ඇතුළු පිරිසක් කිසිදු මැයි රැළියකට නොයාම රටේ අවධානයට.

👺සජබ කවුරුවත් ආණ්ඩුවේ මැයි රැළියට ගියේ නෑ. ඒත් පොහොට්ටුවේ වාසුගෙ මොනරාගල මන්ත්‍රී නම් ගියා – සජබ කියයි.

👺විමධ්‍යගත අරමුදල් සදහා රට ගම හදන්න සංවර්ධන යෝජනා දීම සියලු මන්ත්‍රී අයිතියක්. දිස්ත්‍රික් ලේකම්ලාට එන ඒ අරමුදල් එයාල අපේ යෝජනා වලට වැය කරනවා. ඒක එදා සිට කෙරෙන දෙයක්. – ගයන්න හා අජිත් මාන්නප්පෙරුම.

👺මාළිමාව ආපු ගමන් මාස කීපයකින් රට  ගොඩ දානවා කියනවා. ඒක කරන විදිය කියන්නෙ නෑ. අපි විවාදයට ආරාධනා කළේ කරන ක්‍රමය හා වැඩ පිළිවෙල කතා කරන්නයි. මොකද සජබ වැඩ පිළිවෙල අපි සම්මන්ත්‍රණ හරහා මේ වන විටත් රටට කියලා තියෙනවා. මාළිමාව සමාජවාදය හා ලිබරල්වාදය තුළ අතරමං වෙලා ද කියන සැකයත් රටට තියෙනවා – ආචාර්ය හර්ෂ.

👺ඩොලරය වැටී අපේ රැපියල ශක්තිමත් වන තරමට බඩුමිල අඩු විය යුතු වුවත් එහෙම වෙන බවත් පේන්නෙ නෑ. වෙළෙන්දන්ගෙ මාfපියාව පරදවා ජනතාවට සහනදීම රජයේ වගකීමයි – හර්ෂ.

👺සජබ තලවකැලේ හා කොළඹදී මැයිරැළි දෙකක් පවත්වයි.සජිත් රැලි දෙකම අමතයි. තලවකැලේ දී දෙමළෙන් කතා කිරීම ගැන ජනතාව මවිත වෙයි.

👺මැයි රැළියට සජබ ඉල්ලපු ටවුන් හෝල් පිටිය ගැන තීන්දුව දීම කල්මරලා ඊට ආසන්න නෙළුම් මාවත මාළිමාවට හිතවත්කමට දීපු ආණ්ඩුව හා පොලිස් ඇමති සජබ අපේ සෙනග හංගන්න අපට වෙන තැනක් දුන්නා – අජිත් පී.

👺මාළිමාව හැම එකම විවේචන කරමින් හා එයාල රට ගොඩ දානවා කියනවා මිසක් ඒක කරන ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙලක් නොකියා රටම අන්දන නිසයි අපි ආර්ථික කමිටු දෙකේ විවාදෙකට ආරාධනා කළේ. ඒක මග ඇරලා නායකයො දෙන්න පටලවල මාළිමාව ෂේප් වෙන්න බලන්නේ. නායකයො හා කමිටු දෙකේ විවාදෙටත් දෙපිරිසම එකගවූ දිනෙක සජබ සූදානම් – නලින් බණ්ඩාර.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan