*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට අද තීරණාත්මක තරගයක්

සටහන – නිශ්මං රණසිංහ
මැයි 05, කොළඹ (LNW): ඩුබායි හී පැවත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසාන පූර්ව තරගය සඳහා අද ශ්‍රී ලංකාව සහ එක්සත් එමීර් රාජ්‍යය මුහුණ දෙනවා.මේ තරගාවලියේ සිටින කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව මෑත කාලයේ දක්වා ඇති දස්කම් අනුව සෙසු කණ්ඩායම්වලට වඩා ඉදිරියෙන් සිටිනවා.එහෙත් අනපේක්ෂිත ලෙස මේ තරගාවලියේදී ප්‍රබල ශ්‍රී ලංකා පිතිකරු බල ඇණිය තායිලන්තය සහ ඇමෙරිකාව ඉදිරියේ පීඩාවට ලක් වුණා.ඒ අතරින් ඇමෙරිකානු කණ්ඩායම ඉදිරියේ ජයග්‍රහණය සඳහා විශාල වෙහෙසක් දරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිඳු වුණා.


එහෙත් මේ තරගාවලියේ දී කණ්ඩායම එක් අයෙකුගෙන් යැපෙන්නේ නැති වීම මෙන්ම,විවිධ හැකියාවන් අවශ්‍යය මොහොතේ දී කණ්ඩායම වෙනුවෙන් දායාද කරන්නට එක්ව සිටින කණ්ඩායමක් නිර්මාණය කරන්නට ගෙවුණු කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවය ලබා දුන් තරග අවස්ථා වැඩි කිරිම තුළින් සිඳු වී ඇති බව පැහැදිළි වීම සතුටට කරුණක්.


එහෙත් අද තරගය ඉතා පහසුවෙන් ගත යුතු තරගයක් නොවන බව විශ්වාසයි.විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායිකා ඊෂා ඕෂා,ත්‍රීර්තා සතිෂ්,ශමෙයිරා ධර්නිදර්කා මෙන්ම ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති කවීශා කෝට්ටගේ යන්නන් අභියෝගාත්මක ක්‍රීඩිකාවන් බව අමතක නොකළ යුතුයි.එහෙත් ශ්‍රී ලංකාව මෑත කාලයේ පෙන්වන ක්‍රීඩා විලාශය මෙන්ම සාමූහිකව වැඩ කිරීම වැනි කරුණු ගැන සැළකිල්ල යොමු කිරීමේ දී මේ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට තිබෙන්නේ ඒ උසස් ගුණාංග ආරක්ෂා කරගෙන ක්‍රීඩා කිරීම පමණයි.විශේෂයෙන්ම හොඳම පන්දු රැකීමක් සහිතව ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට අදත් පන්දු රැකීම තීරණාත්මක කාර්ය භාරයක් සිදු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan