*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

රට කඩාවැටීමට හේතුව දේශපාලනඥයින් ප්‍රතිපත්තිගරුක නොවීමයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

2018 ඔක්තෝබර් 26 රනිල් වික්‍රමසිංහ මහතා පලවා හැරීමට පෙර තමාට අගමැති වන ලෙස අවස්ථා 10කදී මෙන් ම මහින්ද රාජපක්ෂ අගමැති ලෙස සිටියදී 61 වතාවක් කතා කළ බවත් ඒ අවස්ථාවේ තමා කියා සිටියේ තමා දේශපාලන කුමන්ත්‍රණ සහ ඔලුගෙඩි සෙල්ලම්වලට සූදානම් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ පවා තමා අගමැතිවන ලෙස ඉල්ලීමක් කළත් තමා එවැනි අගමැතිකම් බාර ගත්තා නම් රට බංකොලොත් කළ හොරු සමග එකතු වී ජනාධිපති වී එම හොරු ආරක්ෂා කිරිමට සිදුවන බවත් එම නිසා හොරුන් සමඟ ජීවත් වීමට නොයන බවට තමා තීරණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ ම කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරීන් කළ අපරාධ වෙනුවෙන් සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ 113 දෙනකු කෙහෙලිය වෙනුවෙන් සිට ගත් බවත් තමා ජනාධිපති වූවා නම් තමාට ද කෙහෙලිය වෙනුවෙන් සිට ගැනීමට සිදුවන බවත් ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලනවා කියා වුවත් අවසානයේ ඔහු පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ගැනීමට කටයුතු නොකළ නිසා සැකයක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම මේ රට කඩාවැටීමට හේතුව දේශපාලනඥයන් ප්‍රතිපත්තිගරුක නොවීම බවත් දේශපාලනඥයකු නම් ජනවරමක් හා ජනතා ආශිර්වාදයක් තිබිය යුතු බවත් 2019 තමා පැරදුණු අවස්ථාවේ තමා මහපාරේ උද්ඝෝෂණ නොකර මැතිවරණ කොමිසමට ගිහින් පරාජය බාර ගෙන විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් දේශපාලනඥයකුගේ තිබිය යුත්තේ එම මහත්මා ගතිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 169 වැනි අදියර යටතේ හම්බන්තොට තංගල්ල සිද්ධාර් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි. මේ අවස්ථාවේ දී නර්තන කණ්ඩායම් සඳහා ඇදුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද පරිත්‍යාග කළේය.

දියුණු රටවල හෙඩ් හන්ටින්. අපේ රටේ ජොබ් හන්ටින්

දියුණු ලෝකයේ මහා පරිමාණ ව්‍යාපාර ආයතන විශ්වවිද්‍යාවල දක්ෂ දරුවන් සොයා යන බවත් එය හෙඩ් හන්ටින් ලෙස හඳුන්වන බවත් අපේ රටේ සිදු වන්නේ එහි අනික් පැත්ත බවත් අපේ රටේ සිදුවන්නේ ජොබ් හන්ටින් බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැටලුව නිසා අප රටේ අධ්‍යාපන ක්‍රමයේ සාධනීය වෙනසක් සිදුවිය යුතු බවත් යුද්ධයක් තිබූ වියට්නාමය පවා අද දියුණු වී ඇති බවත් කොයිතරම් කොමියුනිස්ට් කිව්වත් ඔවුන් ධනවාදී ආර්ථික ක්‍රමයක් අනුගමනය කරන බවත් දක්ෂතාව නිපුණතාව ඇති ශ්‍රම බලකාය සොයා ගෙන ආයෝජනයට හිතකාරී පරිසරයක් ගොඩනගා ඇති බවත් ඔවුන් සෘජු විදේශ ආයෝජනවලි ගව්ගාණක් ඉදිරියෙන් සිටින බවත් රුවන්ඩාව පවා එලෙස බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

නමුත් අපේ රටේ සිංහල පමණයි දමිළ පමණයි කියමින් ඡන්ද කොල්ලයක නිරත වන බවත් අප රටේ සිංහල මුස්ලිම් දමිළ බර්ගර් ආදී ජනතාව එකට එකතු වී රට ගොඩගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සිදුවන්නේ ආර්ථික වර්ධනය වෙනුවට පරිහානියයි

රටේ පාලකයන් ආර්ථිකය වර්ධනය කරනවා වෙනුවට ආර්ථිකය සංකෝචනය කර සාමාන්‍ය තත්ත්වයක් නිර්මානය වී ඇති බව පැවසුවත් මේ වන විට රටේ පවතින්නේ නව සාමාන්‍යකරණ තත්ත්වයක් බවත් බඩුමිල, ගෑස් මිල, තෙල් මිල වැඩි වුවත් පෝලිම් නොමැති බවත් මේ පොලිම් නැති නව සාමාන්‍ය නිර්මාණය වී ඇත්තේ රටෙන් හරි අඩක් දුප්පතුන් වී දශලක්ෂ ගණනින් රට අතහැර යන තත්ත්වයක් උඩ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට බොරු කරලා රට ගොඩගන්න බැහැ

තවදුරටත් ජනතාවටත් රටටත් බොරු කර රැවැට්ටීම නොකළ යුතු බවත් 2019 මේ රටේ අතිමහත් බහුතරයක් ඇන්දුන නිසා රට බංකොලොත් වූ බවත් එම නිසා පක්ෂ පාට භේද අමතක කර මහපොළොවේ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කරන ලෙසත් මේ පවතින අන්ධකාරය මැද රිදී රේඛාවක් ඇති බවත් එය ඉබේ නිර්මාණය නොවන බවත් ඒ සඳහා ලක්ෂ 220ම ඉදිරිපත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 169 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1855ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan