සටහන – රෂිකා හෙන්නායක
මැයි 05, කොළඹ (LNW): නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බවට අච්චුවේලි පොලිසිය පවසයි.
යාපනය අවරන්ගල් නැගෙනහිර ප්‍රදේශයේදී මෙය සිදුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
පොලිසිය සදහන් කරන්නේ, මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බවයි.
අතර නිවාස දෙකට පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වු බවත් පොලිසිය කියා සිටී.