මහින්දව කුමේනිට අන්දයි. මීළඟ පක්ෂ නායකයා බැසිල් – පොහොට්ටු මාධ්‍ය හමුවේ කියයි !

Date:

මහින්ද රාජපක්ෂ මහතා යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා බවත් තම පක්ෂ නායකත්වය යනු බැසිල් රාජපක්ෂ මහතා යැයි කීමට බිය නොවන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

“සිංහල අවුරුද්දට පස්සේ අවුරුදු නැකතට වැඩ අල්ලලා අපි පණිවිඩයක් අරගෙන එනවා කිව්වා. දේශපාලනය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් මැයි දිනයේ බෙර ගහලා, හක්ගෙඩි පිඹලා, ජයඝෝෂා මධ්‍යයේ අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය එළියට අරගෙන ආවා”

ප්‍රශ්නය – කවුද ඔය කියන නායකත්වය ? මහින්ද රාජපක්ෂ මැතිතුමාද ? බැසිල් රාජපක්ෂ මැතිතුමාද ?

“ඇයි බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන්න අපි බයවෙන්නෙ ? මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂයේ ආධ්‍යාත්මික නායකයා”

ප්‍රශ්නය – බැසිල් රාජපක්ෂ මහත්තයාත් අත වනලා … පොඩි ඒ වගේ දෙයක් තිබ්බා නේද ?

“මේ වගේ පක්ෂයක් හදන්න පුළුවන් කෙනෙක් ඉස්සරහට එනකොට … අපි කිව්වෙ නෑ ගිහිල්ලා නැගිටින්න, අත්පොළසන් දෙන්න කියලා. මේ තමයි ස්වභාවික තේරීම. නැචුරල් චොයිස් කියන එක”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මීළඟ නායකයා බැසිල් රාජපක්ෂ මහත්මයා ?

“ඔබතුමා හරියටම ඉතාම නිවැරදිව ඒ කාරණය කියනවා. ඉතින් හරි සතුටුයි”

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...