දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කෙරේ

0
227

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

ඒ අනුව,

බදුල්ල දිස්ත්‍රික්කය – බදුල්ල, හල්දුම්මුල්ල, හාලිඇල, පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ

කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල

මාතලේ දිස්ත්‍රික්කය – පල්ලේපොල

මාතර දිස්ත්‍රික්කය – කොටපොල, පස්ගොඩ

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙසේ නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

මේ අතරින් පස්සර, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට දෙවැනි මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

RN