කැළණි ගඟෙන් නයි ගෙන්නපු අය මගේ 87 හැවිරිදි අම්මා ගැනත් බොරු කියනවා – සජිත්ගෙන් පිළිතුරු

Date:

නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමට අදාළව තම මව ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා ඇතිය යනුවෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වූ බව කියන කණ්ඩායම විසින් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන්ගේ 87 හැවිරිදි මව පිළිබඳව පවා බොරු කියමින් පාර්ලිමේන්තුවත් රටේ ජනතාවත් නොමග යැවීමට ඔවුන් කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගේ මෙම ප්‍රකාශ පසුගිය ජනාධිපතිවරණ සමයේ කැළණි ගඟ දෙබෑ කරමින් නාග රාජයා මතුවුණු පන්නයේ ඒවා බවත් අවධාරණය කළේය.

එමෙන්ම තමන් සම්බන්ධයෙන් හෝ තම පවුලේ අය සම්බන්ධයෙන් කවර අසත්‍ය චෝදනා එල්ල කිරීමට ආණ්ඩුවේ මෙම කොටස කටයුතු කළත් තමන් රටේ ලක්ෂ 220ක් වන ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම පෙනී සිටින බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...