*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ගෝඨාභය,මහින්ද තවත් ඔය පුටුදෙක අල්ලගෙන දඟලන්න එපා.ඔයාලා දෙන්න ගියා කියල රට වැටෙන්නේ නැහැ! (VIDEO)

ප්‍රශ්න විසඳීමට ක්‍රම පෙනී පෙනී තියෙද්දී තව දුරටත් පුටුදෙක අල්ලාගෙන නොසිට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවට සහය දැක්වීමට පැමිණි අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස් වීමෙන් රට කඩා නොවැටෙන අතර සෙසු අය ඒ සඳහා ක්‍රමවේදයක් සද ගනු ඇති බවයි ඇය කියා සිටියේ.

තවුරටත් ජනතාව සමඟ සිදුකරන මෙම සෙල්ලම නවතා දැමිය යුතු බවත් ජනතා හඬට කන් නොදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රැඳී සිටින සෑම තත්ත්පරයක් පාසාම සිදුවන්නේ රට කඩන් වැටීම බවද ඇය සඳහන් කරන ලදී.

”අද හොර ඔලු ගෙඩිවලින් රටේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න වෙලා තියෙනවා. විශ්වාසභංගය එනවා. මම හිතන්නේ දෝෂාභියෝගයකුත් එයි කියල. මේවා දිනවල පෙන්වන්න. මේවා දිනවන්නේ නැතුව තමුන්නාන්සේලා එළියේ ඇවිල්ලා ජන්දේ ඉල්ලන්න නම් හිතන්නවත් එපා. මේ රටේ ජනතාව තමුන්නාන්සේලා ගැන බලාගෙන ඉන්නේ. මේ රටේ ජනතාව එක්ක තවදුරටත් සෙල්ලම් කරන්න එපා. මේ සෙල්ලම නවත්වන්න. තමුන්නාන්සේලා සුරසැප විදින්නයි රටේ මහජනතාව දුක්විදින්නයි නෙවෙයි බලය දීලා පාර්ලිමේන්තු එවල තියෙන්නේ. අගමැතිතුමනි,ජනධිපතිතුමනි තමුන්නාන්සේලා ඉල්ලා අස්වෙන්න. ඔබතුමන්ලා දෙන්න ඉන්න හැම තත්පරයකම මේ රට කඩන් වැටෙනවා. තව සතිදෙක්කවත් දුවන්න බැහැ මේ රටට. පිටරවල්වල ඉන්න මිනිස්සු උදව් කරන්න ලෑස්තියි. හැබැයි මේ වෙලාවේ එක ඩොලර් එකක්වත් එවන්නේ නැහැ. මොකද තමුන්නාන්සේලාගේ රජයක් යටතේ කිසිම මනුස්සයෙක් ඩොලර් එකක්වත් එවන්න සූදානම් නැහැ. ප්‍රශ්න විසඳන්න ක්‍රම පෙනී පෙනී තියෙද්දී තවත් තමුන්නාන්සේලා පුටු දෙක අල්ලගෙන දඟලන්න එපා. ආදරෙන් කියන්නේ මේ මුළු මහජනතාව වෙනුවෙන්ම තමුන්නාන්සේලාට බලය දීපු ජනතාවම තමයි මේ පාරට බැහැල ඉන්නේ බහුතරය. මේක තේරුම් අරන් දැන්වත් යන්න. එතනින් එහාට මේ අය මොකක් හරි සිස්ටම් එකක් හදාගෙන මේ අය කරයි. මොකද ඔබතුමන්ලා දෙන්නා ඉල්ලා අස්වුණා කියල රටක් වැටෙන්නේ නැහැ.” යනුවෙන් ඇය වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan