මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටලුකාරී ප්‍රකාශයක් කළැයි තුසිත හල්ලොලුවට CID යෙන් කැඳවීමක්

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුවට එරෙහිව ජනාධිපතිවරයා වෙනුවෙන් නීතීඥයකු සිදුකළ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔහුට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර ඇත.

ඒ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.


ගරු ජනාධිපතිතුමා සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව යන අයට 2025.05.07 වන දින උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...