බෞද්ධාලෝක සීල සමාධි වැඩසටහන ෂැංග්‍රිලා හරිත භූමියේදී. සිසු සිසුවියන් 1200කට පාසල් උපකරණ

Date:

පාසල් දරුවන් තුන්දහසකට ආසන්න පිරිසක් සිල් සමාදන් කරවීමේ “බෞද්ධාලෝක සාදු නාද සීල සමාධි වැඩසටහන ඊයේ (05) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්විණි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට කොළඹ කලාපයේ පාසල් රැසක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව සිටියහ.

පිරිස අෂ්ඨාංග ශීලයෙහි සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින්ද්‍රයන්වහන්සේ සිදු කළහ.

ඔලබොඩුව රාජමහා විහාර භාරකාර, ඉතාලි මිලානෝ ලංකාරාමාධිපති, බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ශාස්ත්‍රපති පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ධර්ම දේශනාව පැවැත්වූහ.

අනතුරුව පැවති ධර්ම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසාර නායක ස්වාමින්වහන්සේ සහ විද්‍යාජෝති සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

දහවල් බුද්ධ පූජාව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසාර නායක ස්වාමින්ද්‍රයන්වහන්සේ සිදු කළ අතර කොල්ලුපිටිය වාලුකාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය පැවැත්වුහ.

මේ අතර “බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

ඒ අනුව සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් සාමණේර ස්වාමින් වහන්සේ හතළිස් නමක් සහ පාසල් ශිෂ්‍ය, ශිෂ්‍යාවන් 1200ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී ඊයේ (05) පෙරවරුවේ සිදු කෙරිණි.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය පූජ්‍ය කරදෙටියන ගුණරතන ස්වාමින් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සිසු දරුවන් වෙත පාසල් උපකරණ බෙදාදීමට එක් වුහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රෝහිත අබේගුණවර්ධන සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක නියෝජනය කරන පාසල් දරුවන් වෙනුවෙන් මෙම පාසල් උපකරණ බෙදාදීම සිදු කළ අතර ඉන් අනතුරුව ඔවුන්ට කොටුව ජනාධිපති මන්දිරය නැරඹීමට ද අවස්ථාව සලසා දී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...