රෂිකා හෙන්නායක මැයි 07, කොළඹ LNW :
වත්මන් රජය යටතේ අස්වැසුම ප්‍රතිලාභීන්ට අත්වැරදීමකින් දෙවතාවක් මුදල් ගෙවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති බරපතළ චෝදනා පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තොරතුරක් වාර්තා වේ.
මින් පෙර මාර්ග සංවර්ධන අධිකාරියේ සිදු වූ ගෙවීම් දෝෂයකට සමානව, මෙවරද රුපියල් මිලියන 500කට අධික මහජන මුදලක් වගකීම් විරහිතව වැය වී ඇති බව ‘Free lawyers’ සංවිධානය පෙන්වා දෙයි.
මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට වගකිවයුතු නිලධාරීන් හඳුනාගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.
විනිවිදභාවයකින් තොරව සිදු වූ මෙම ගනුදෙනු මගින් රජයේ මූල්‍ය පාලනයේ දුර්වලතා මෙන්ම දූෂණයක් සිදු වී ඇති බවටද සැක කෙරේ.
කෙසේ වෙතත්, අතිරික්තව ගෙවූ මුදල් දුප්පත් ජනතාවගෙන් නැවත අයකර ගැනීමේදී ඔවුන්ට පීඩාවක් නොවන පරිදි කොටස් වශයෙන් අයකර ගන්නා ලෙස එම සංවිධානය වැඩිදුරටත් යෝජනා කරයි.
මෙම සිදුවීම හරහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පවතින බරපතළ අවිශ්වාසය මනාව නිරූපණය වේ.



