ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

මෙරට ඉන්ධන සැපයුම ප්‍රසම්පාදන ක්‍රියාවලිය මිලදී ගැනීම්වල පාරදෘශ්‍යභාවය හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිලදී ගැනීම හා සැපයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු රැසක් දැන ගැනිමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉන්ධන මිලදී ගැනිම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

පසුගිය මාස 12 තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි වූ නව සැපයුම්කරුවන් ප්‍රමාණය සහ ඔවුන් සම්බන්ධ තොරතුරුත් පසුගිය මාස 12ක කාලය තුළ නව හෝ පැරණි කිසියම් සැපයුම්කරුවකු එම බෙදාහැරීම් පැහැර හැර ඇත් නම් ඒ කවුරුන්ද සහ කවදාද කියා ඉදිරිපත් කරන ලෙසත් එවැනි පැහැර හැරීමක් සිදු කර ඇති අවස්ථාවකදී ඔවුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසෙම පසුගිය මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් කැදවා ඇති හදිසි මිලදී ගැනීම් හා දිගු කාලීන ගිවිසුම් යටතේ සිදු කරන ලද මිලදි ගැනීම් ආදිය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් ඒ සදහා භාවිත කරන තාක්ෂණික හා වානිජ ඇගයීම්වල නිර්ණායක ඉදිරිපත් කරන ලෙසත් මෙම නිර්නායක සෙසු රටවල් සමඟ සසදමින් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය.

තවද කාලින කොන්ත්‍රාත්තුවක වලංගුභාවය තුළ ස්ථානීය ටෙන්ඩර් ප්‍රධානය තුළ කිසියම් තීරණයක් ගෙන ඇත් නම් ඒවා අනුමත කර ඇත්ද සහ දිගුකාලීන ගිවිසුම් මිල සහ හදිසි මිලදී ගැනීම් මිල අතර සංසන්දනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් පසුගිය දිනවල ඉන්ධන මිලදී ගැනීමේ දී රටට අලාභදායී වූ බවට වාර්තා වූ නිසා මේ සම්බන්ධයෙන් රජය පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය මාස 12 තුළ වඩාත් මිල අධික බෙදාහැරීම් 3 සදහා ලබා දුන් ලන්සු ගණනත් එම ටෙන්ඩර් ප්‍රධානය කළ සැපයුම්කරුවන් හා සපුගස්කන්ද පිරිපහදුවේදී ඉරාන ලයිට් වර්ගයේ තෙල් වෙනුවට මර්බන් වර්ගයේ තෙල් භාවිත කිරීමෙන් පිරිපහදු නිෂ්පාදන ප්‍රතිශතය වියදම් හා අවසන් මිල වෙනස් වී ඇති ආකාරයත් ප්‍රසම්පාදන තීරණ සදහා තාක්ෂණික ඇගයිම් කමිටු සහ කැබිනට් මට්ටමේ ප්‍රසම්පාදන කමිටු නිර්දේශ අතර වෙනස්කම් ඇතිවූ අවස්ථා ඇතිද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඉහළ වටිනාකමින් යුත් ඉන්ධන මිලදී ගැනීමට පසුව සිදු කරන ලද විගණන ක්‍රමවේදයක් ඇත් ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ ටර්ම් ටෙන්ඩර් එකක් ලාබ දුන් සැපයුම්කරුවකු එය ක්‍රියාත්මක නොකර අත්හල බවත් හදිසි මිලදී ගැනීම තුළ ස්පොට් ටෙන්ඩරයක් හරහා එය ද ටර්ම් ටෙන්ඩරය ක්‍රියාත්මක නොකළ පාර්ශ්වයට ගොස් ඇති බවත් එය ලාබ දී ඇත්තේ ඉහළ මිලකට නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...