ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිත බව සඳහන් වේ.

එම පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021. 12. 12 දිනැති ව පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට අදාළ ව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2024 මැයි 10, 11, 13 හා 20 යන දිනවල ‘ඉසුරුපාය’, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇති බව ටොරතුරු සඳහන් වේ.

සුදුසුකම් ලබාගත් අයගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ පළ කර ඇතැයි එම අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...