ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනේ!

0
116

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිත බව සඳහන් වේ.

එම පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021. 12. 12 දිනැති ව පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට අදාළ ව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2024 මැයි 10, 11, 13 හා 20 යන දිනවල ‘ඉසුරුපාය’, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇති බව ටොරතුරු සඳහන් වේ.

සුදුසුකම් ලබාගත් අයගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ පළ කර ඇතැයි එම අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටී.