ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව මෙරට සංචාරයක නිරත වී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා පවසයි.

ඒ මහතා ඊයේ (මැයි 07) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලෝක බැංකු සමූහය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කරගන්නා බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම එම නිවේදනයෙන් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ ඉදිරි දශකය තුළ තරුණයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ඇතුළු වනු ඇති නමුත් එම කාලය තුළ රැකියා 300,000 ක් පමණ නිර්මාණය වනු ඇති බවකි.

ලෝක බැංකු සමූහය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...