ගල් අඟුරු වංචා ගැන සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රවීන්ද්ර බණ්ඩාර මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ, 2009 වසරේ ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් සම්බන්ධයෙනි.
“දැනගන්න හම්බුණා මේක තමයි පළවෙනි පැමිණිල්ල කියලා. මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ 2009 ආපු එකට. මේක ටෙන්ඩර් දාලා තෝරාගෙන තිබෙනවා. මුලින්ම තිබ්බ සමාගම් තුනක් තමයි තේරිලා තියෙන්නෙ. ඒකෙ තුන්වෙනියට ඉඳපු සමාගමට තමයි දීලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඒක කැබිනට් එක තීරණය කරලා, එවකට අදාළ අමාත්යවරයා ජෝන් සෙනවිරත්න මහත්තයාට වෙච්ච යම් බලපෑමක් නිසා මේක වුණා කියලා පැහැදිලිව පේනවා”
ප්රශ්නය – දළ වශයෙන් කියනවාද මෙට්රික් ටොන් එකකට කීයක් විතර රජයට පාඩුවෙලා තියෙනවාද කියලා මේකෙන් ?
“මෙට්රික් ටොන් 650000ක්. ඒ 650000 ඒවා අවුරුදු තුනක්. එතකොට එනවා 1950000ක්. හිතන්න එක මෙට්රික් ටොන් එකකට – ඒ අදාළ ප්රමිතිය තියෙන ඒවා ඩොලර් 60කට ගන්න පුළුවන් එක මෙට්රික් ටොන් එකක් – එතන 70යි ගාණකට අරන් තියෙන්නෙ. එතකොට එතනම ඩොලර් 10ක් එනවා”
“බැසිල් රාජපක්ෂ මහත්තයාගෙ නිර්දේශ මත තමයි තීන්දු තීරණ අරන් තියෙන්නෙ. ප්රසම්පාදන ක්රමවේද බරපතළ ලෙස උල්ලංඝනය කරලා ඒක පැත්තකට දාලා වැඩේ කරලා ප්රසම්පාදන ක්රියාවලිය නිවැරදිව ගිය එකකට ඒගොල්ලො පරීක්ෂණ ඉල්ලනවා”
රවීන්ද්ර බණ්ඩාර මන්ත්රීවරයා මේ බව පැවසුවේ අදාළ පැමිණිල්ල ඊයේ (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


