මුදල් අමාත්යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට එද්දී ඔහු ඕස්ට්රේලියානු පුරවැසිභාවයෙන් ඉවත්වීම සම්පූර්ණ කර නොතිබුණු බව ෆ්රී ලෝයර්ස් සංවිධානයේ ශිරාල් ලක්තිලක පවසයි.
“භාණ්ඩාගාර ලේකම්තුමා ඕස්ට්රේලියානු පුර්වැසියෙක්ව සිටියේද, නැද්ද ? තවම කියනවාද ? අපි දන්නවා ඔව්, ඔහු ඕස්ට්රේලියානු පුරවැසියෙක්ව සිටියේය. අතීත වාචිකව. එහෙම නම් දෙවැනි ප්රශ්නය ඔහු කවදාද ඕස්ට්රේලියානු පුරවැසිභාවය අත්හැරියේ ? අපි ඒකත් දන්නවා. අන්න එතැනදී තමයි නලින්ද ජයතිස්ස මහත්තයා අපිට බොරු කියන්නෙ. ඔහු පුරවැසිභාවය අත්හැරීම සඳහා ඉල්ලුම්පතක් ඕස්ට්රේලියානු රජයට යොමුකරන ලද්දේය කියලාත් අපි දන්නවා. අන්න ඒක පදනම් කරගෙන තමයි නලින්ද ජයතිස්ස මැතිතුමා අපිට කියන්නෙ, භාණ්ඩාගාර ලේකම්තුමාට දැන් නෑ, පුළුවන් නම් නඩු දාන්න කියලා. ඔව්, නඩු දාන්නත් පුළුවන්. නඩු දාන්න ඕනෙ රජයට බොරු කිරීම පිළිබඳව. ඉල්ලුම්පත්රය දැම්මා, ඇත්ත. හැබැයි ඕස්ට්රේලියානු රජය ඔහුගේ පුරවැසිභාවය ඉවත්කිරීමට අදාළ අවසරය දෙනකොට ඔහුගේ නම ජාතික ලැයිස්තුවේ තියෙනවායි කියන එකට අපිට තොරතුරු ලැබිලා තියෙනවා”
ප්රශ්නය – ඒ කියන්නෙ දිවුරුම් දීලාද, නැත්නම් …?
“ජාතික ලැයිස්තුවට නම දානකොට ඕස්ට්රේලියානු රජය විසින් ඔහුගේ ඉල්ලුම්පත්රයට අනුමැතිය දීලා තිබුණෙ නෑ කියන එකයි දැන් මතුවෙමින් තියෙන ප්රශ්නය”
ප්රශ්නය – ඒ කියන්නෙ ද්විත්ව පුරවැසියෙක් විදියට තමයි ජාතික ලැයිස්තුවෙ හිටියෙ කියන එක ?
“ඒක තමයි. හැබැයි ඊටපස්සෙ ඕස්ට්රේලියානු රජය ඔහුගේ අස්වීම පිළිගත්තා කියන එකට අපිට දැන් තොරතුරු ලැබෙමින් තියෙනවා. ඔහු භාණ්ඩාගාර ලේකම් වෙනකොට ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි. හැබැයි ඔහු දිවුරුමක් දීලා තිබෙනවා … ඒක බරපතළ තත්වයක්”
ශිරාල් ලක්තිලක මහතා මේ බව පැවසුවේ ඊයේ (07) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.


