රෂිකා හෙන්නායක මැයි 08, කොළඹ LNW :
වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් රාජ්ය සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණියේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපති To Lam මහතා සහ වියට්නාම දූත පිරිස අගමැතිනි හරිනි අමරසූරිය, පරිසර අමාත්ය ආචාර්ය ධම්මිකා පටබැඳි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර සහ විදේශ අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.







