CAVA ලීග් ගැටුමට ශ්‍රී ලංකා වොලිබෝල් පකිස්තානයට

සටහන – නිශ්මං රණසිංහ

මැයි 08, කොළඹ (LNW):

මධ්‍යම ආසියානු රටවල් අතර පැවත්වෙන ලීග් වොලිබෝල් තරගාවලිය 2024 මැයි 09 දින සිට 18 දින දක්වා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හිදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම මේ වන විට පකිස්තානය බලා පිටත්ව ගොස් ඇත.
මෙම තරගාවලියට මධ්‍යම ආසියාව නියෝජනය කරමින් රටවල් හයක් සහභාගිවීමට නියමිතය.

සත්කාරක පකිස්තානය,ඉරානය,ටර්කිමස්තානය,කිර්ගිස්තානය,ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව එම රටවල් හයයි.


එම කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රෝමේෂ් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර කටයුතු කරනු ලබයි. , ශ්‍රී මාල් ද සිල්වා කළමණාකරු ලෙස කණ්ඩායම සමඟ එක්වන අතර නිශාන් ඉන්දික සහය පුහුණුකරු ලෙස කණ්ඩායම සමඟ එක් වෙයි.කණ්ඩායමට අභ්‍යාසක ලෙස එකතු වන්නේ සුසිරි මංගල යි.


තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා වොල්බෝල් කණ්ඩායම මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන අතර පහත දැක්වෙන්නේ එම ඡායාරූපයේ පෙළ ගැස්මයි.එසේම තරග කාල සටහන ද මේ සමග දක්වා ඇත.


අසුන්ගෙන වමේ සිට
සුසිරි මංගල – අභ්‍යාසක, චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු , ඒ. එස් නාලක මහතා- ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, කංචන ජයරත්න මැතිතුමා – සභාපති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ්‍රී මාල් ද සිල්වා මහතා – කළමණාකරු , දීප්ති රෝමේෂ් – නායක, නිශාන් ඉන්දික – සහාය පුහුණුකරු
පසුපස පේලිය වමේ සිට
මනෝජ් සුරංග, මලීෂ රවිශාන්, ඉසුරු මධුෂාන්, ප්‍රනීත් දිනේන්ද්‍ර, ෂෙහාන් විමුක්ති, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, ලහිරු ප්‍රමුදිත, මන්ජුල නලීන්, දුලංජන් සංදීප මහේෂ් වන්නිගමගේ, විමුක්ති සාගර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...