ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අදට වසර දෙකක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): 2022 වසරේදී ගාලුමුවදොර අරගලභූමියේදී දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද  ට වසර දෙකක් වේ.

එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් සමග රට පුරා නොසන්සුන් වූ පිරිස් එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් නොසන්සුන් අයුරින් කටයුතු කිරීම හේතුවෙන් මුළු රටම එකම යුද පිටියක් බවට පත් විය.

මෙහිදී සංවිධානාත්මක පිරිස් මහමග ගමන් ගත් බස්රථ, පොදු හා පෞද්ගලික දේපළ විනාශ කරමින්  හානි රැසක් සිදු විය.

එහිදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා ඇතුළු කිහිපදෙනකු ඝාතනයට ලක්වූ අතර පුද්ගලික නිවාස ඇතුළු දේපළ 855කට බරපතළ හානි සිදු විය.

ඉන් නිවාස 62ක් එවකට පැවැති රජයේ මැති ඇමැතිවරුන්ට අයත් ඒවාය. ඊට අමතරව ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අයත් දේපළ රැසක් ද විනාශ විය.

එම අවස්ථාවේදී බරපතළ ලෙස රටේ පැවැති ගෑස්, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා ලබාගැනීමේ දිගු පෝලිම්, විදුලි කප්පාදුව වැනි සිද්ධි මත පැනනැඟුණු දැඩි මහජන පීඩාව හේතුවෙන් මතුවූ අරගලය අවසන් වූයේ එවක ජනපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම රජය  අවසන් කරමින් වීම එදා සිදු වූ විශේෂම සිදුවීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...