මේ තීරණාත්මක මොහොතේ ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන් වන්න – නීතීඥ සංගමය ඉල්ලයි

මේ තීරණාත්මක මොහොතේදී ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී සන්සුන්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සඳහන් කළේ සියලුම දෙනා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු අතර ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළුණු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

“ගාලු මුවදොරදී වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතුයි. ඒ සිද්ධියට වගකිවයුතු අය නීතිය හමුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය සියලු උත්සාහයන් නීතීඥ සංගමය ගන්නවා ඒ පුද්ගලයින් නීතිය හමුවට ගේන්න. ඒ වගේම සියලුම අය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකිය යුතුයි. පුද්ගලයින්ට හිංසා කරන එක, තුවාල කරන එක, පොදු දේපළ හා පෞද්ගලික දේපළවලට හානි කරන එක සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්. ඒවා කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ පුද්ගලයින්ට හිංසා කරන, දේපළ හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතීඥ සංගමය සම්පූර්ණ සහාය දෙනවා ඒ අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...