ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) සවස 05.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.
කොල්ලුපිටිය ප්රදේශයේ පිහිටි නිවසකදී මියගොස් සිටියදී ඔහුගේ මළසිරුර හමුවූයේ මැයි 08 වනදා උදෑසන ය.
සියදිවි හානිකරගෙන ඇති බවට සැකකෙරෙන ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දිනයේ සිදුකෙරුණු අතර සිරුරු කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙත යවා ඇත. එම රසායනාගාර වාර්තා ද ලැබුණු පසුව ඔහුගේ මරණයට හේතුව ප්රකාශයට පත්කරන බවයි පොලීසිය සඳහන් කළේ.


