*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ඉතිහාසයේ  නින්දිතම කුමන්ත්‍රණය  රනිල් ජනාධිපති  කිරීමයි – ඩිලාන් පෙරේරා කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නිදහස ජනතා සභාව මාධ්‍ය හමුව අද දින 2023/05/10 පැවැත්වූ අතර එහිදී
අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා,…….

” ආන්ඩුවේ  ඇමතිවරු  කියන  විදිහට  මහා කාලකන්නියා ජනාධිපතිවරයා  ද…….

කුමන්ත්‍රණ වලට ඉඩ නොදෙන බව පොහොට්ටු ලේකම් පවසනවා.

ඉතිහාසයේ කාලකන්නිම  කුමන්ත්‍රණය කර ජනාධිපතිවරයෙක් පත්කළ පක්ෂයේ ලේකම් එසේ කියන්නේ සරමක් ඇඳගෙන ඔලුවෙන් හිටගෙනද? මොකද  ඔවුන් රනිල්  ජනාධිපතිවරයා  ලෙස පතකර ගත්තේ විශාල    කුමන්ත්‍රණකින් , ඒක තමයි ඇත්ත.

අරගලයේ කාලකන්නි පිළිබඳ ප්‍රසන්න රණතුංග ඇමතිවරය ඊයේ පාර්ලිමේන්තුවේ දී  නිතර නිතර සඳහන් කළා . ඒකාලේ අරගලයේ හිටපු ප්‍රධාන  කෙනෙක් වත්මන් ජනාධිපති  ඒ වෙනුවෙන් දිවා රෑ ට්විටර් පනිවිඩ නිකුත් කලා. ඉතින් අරගලයේ හිටපු වත්මන් ජනාධිපතිවරයා කාලකන්නියෙක්  කියලද ඔහු කියන්නෙ?

අරගලයේ හිටපු කීදෙනෙක්  අද ජනාධිපතිවරයා ගේ කාර්ය මණ්ඩලය ඉන්නවද ? කරුනාකර  ඒකට උත්තර  දෙන්න කියල  අපි ඒ කියන අමාත්‍යවරයාට කියනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියට සම්බන්ධ චාමර ගුණසේකර එංගලන්තයේ සිටින බව,  ඊයේ රාත්‍රියේ ඩයනා ගමගේ ඇමතිවරිය රූපවාහිනී විවාදයකදී සඳහන් කර ඇති බැවින් ඇය හරහා එම පුද්ගලයා සොයා ගත යුතුයි.

ලංකා අධිකරණයේ නඩු නොදමා සිංගප්පූරුවට නඩුව රැගෙන යාමෙන් ලබාගත හැකි වන්දිය සීමා වෙනවා. මේක තමා ඇත්ත තත්වය  කාගේ උවමනාවක්  ඇතුවද මෙහෙම තීන්දුවක් ගත්තෙ. ඒකෙන් ගාණක් ගහල වෙන්න ඕනේ මේ රටේ නඩු නොපවරවා, සිංගප්පූරුව ට යන්නෙ.

අද අපේ රටේ තියෙන්නේ,ආපදා ධනවාදය. එමගින් අයුතු ලාභ ලබන කණ්ඩායම අද ජනාධිපති පාර්ශවය බවට පත්වෙලා.ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේපවූ අයෙකු මෙලෙස අයුතු ධනලාභ ලබා ගන්නේ ඉතිහාසයේ ප්‍රථම වරටයි.
ඊට අමතරව ජනාධිපතිවරයා ජනතාවගේ පරමාධිපත්‍යය ද ශත පහකට ගණන් ගන්නෙ නැති තැනකට පත්ව තිබෙනවා.

අද ආණ්ඩුකාරවරුන් හැටියට පත් කිරීමට සූදානම් වන්නේ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන අයමයි. පළාත් පාලන ආයතන සියල්ලත් නිර්වින්දනයට ලක්කර තිබෙනවා.
දැන් අධිකරණයටත් ඇඟිලි ගහන්න පටන් අරන්.

හෙට ගෙන එන මහ බැංකු පනතින් මහ බැංකුව ස්වාධීන වීමක් සිදුවන්නේ නැහැ.බුදු සරණයි බෝඩ් ගහගෙන හොර හරක් පැටවීම වගේ වැඩක් මහබැංකුවට වෙන්න යන්නේ. IMF පදයට නටන මහ බැංකුවක් ඉදිරියේදී දකින්න ලැබෙයි.

සංජීව එදිරිමාන්න කියන නවක මංත්‍රී තුමා   කියනවා මැයි දින ගැන. එයා කියන්නේ එයාගේ අත්දැකීම්  ප්‍රමාණය  අනුව නේ එනිසා කරන්න දෙයක් නැහැ . නමුත් මේ මහත්තයාට මම කියනවා, මහත්තයා  ගිහින් අහන්නකො   මහින්ද  මහත්තයාගෙන් . මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජීවිත කාලය ඇතුළේ ටෙන්ට් ගහපු හට් වල මැයි දිනයකට සහභාගිවුණ දවසක් මතකද කියලා .

රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව සමස්ථ විපක්ෂයම  එක් බලවේගයක් බවට පත් කිරීමට
අපි සූදානම්.නැත්නම් සජබ,ජජබ නැතිව අජබ (අවුල් ජාතික බලවේගය )ඇතිවෙයි. ඒ වෙනුවෙන් අපි කසකරුවන් හැටියට වුණත් වැඩ කරන්න සූදානම්”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan