රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් යූරියා, TSP, MOP පොහොර අවශ්ය ප්රමාණයටත් වඩා රටතුළ පවතින බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
“හැමෝගෙම වගේ තිබුණු බයක් තමයි මේ යුද්ධයත් එක්ක පොහොර නැතිවෙයි, පොහොර මිල විශාල වශයෙන් ඉහළ යයි කියන එක. අපි රජය විදියට ඒකට වහාම මැදිහත් වුණා. මේ වෙනකොටත් දැන් මෙතනින් කිලෝමීටර් එකහමාරකට එහා පැත්තේ තියෙනවා රඹේ ගොවිජන සේවා මධ්යස්ථානය, පොහොර මිටියක් රුපියල් 9900 යි. හැබැයි ඔය 9900 ට රජය ලබාදෙන පොහොර මිටිය කඩවල්වල රුපියල් 16000 – 17000 ට ගියා. අන්න ඒ පොහොර මිටිය තමයි රජය මේ ගාණට දෙන්නෙ. ඒ වගේම තමයි දැන් මේ ළඟදී පොහොර නැවක් ආවා, ඒ පොහොර විශාල වශයෙන් ඉහළ මිලකට තමයි ගෙනාවේ ඒ සමාගම්. ඒ පොහොරවලිනුත් කොටසක් රජය මිලදී ගන්න මේ වෙනකොට සැලසුම් කරලා තිබෙනවා. ඒ අනුව ඒ පොහොර එක මිටියක් වෙනුවෙන් රජය රුපියල් 5000 කට වැඩි මුදලක් රජය අතින් දරනවා. ඔය 9900 ට, 10200 ට ගොවියාට පොහොර මිටියක් අතට ලැබෙනකොට අපේ රජය ඒ පොහොර මිටිය වෙනුවෙන් රුපියල් 5000 කට වැඩි පිරිවැයක් දරලා තිබෙනවා. ඒ වගේම තමයි පොහොර හිඟයක් නෑ. TSP අපට අවශ්ය ප්රමාණය ඉක්මවා තිබෙනවා. MOP අපට අවශ්ය ප්රමාණය ඉක්මවා තිබෙනවා. අපට ගැටලුවක් එන්න තිබුණා නම් එන්න තිබුණෙ යූරියා. යුද්ධය පටන් ගන්නකොට යූරියා තිබුණෙ මෙට්රික් ටොන් 202000ක්. හැබැයි ගිය මාසෙ 05 වෙනිදා වෙනකොට පොහොර නැවක් ආවා ටොන් 25000ක්. මේ ගිය සතියේ තවත් 25000ක නැවක් ආවා. ඒ අනුව යූරියාවලත් ප්රශ්නයක් නෑ, හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර ලබාදෙන්න පුළුවන්. පහුගිය දිනවල දිස්ත්රික්ක කිහිපයක ගොවිජන සේවා මධ්යස්ථානවල පොහොර තිබුණාට කඩවල්වල පොහොර තිබුණෙ නෑ, ඒ ගැටලුවත් මේ වෙනකොට විසඳලා තිබෙනවා”
කෙසේවෙතත් ගොවි සංවිධාන චෝදනා කරන්නේ ඇමතිවරුන් පවසන ආකාරයට මිලදී ගැනීමට පොහොර නොමැති බවට ය.


